ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක:
“ප්‍රඥාවත් මිනිසා තම ප්‍රඥාව ගැන පාරට්ටු කර නො ගනීවා.
බලවත් මිනිසා තම බලවත්කම ගැන පාරට්ටු කර නො ගනීවා.
ධනවත් මිනිසා තම ධනය ගැන පාරට්ටු කර නො ගනීවා.
එහෙත් පුරසාරම් කියන්නා, පුරසාරම් කිව යුත්තේ
මිහි පිට නොමියෙන ප්‍රේමයත්, යුක්තියත්,
ධර්මිෂ්ඨකමත් භාවිත කරන ස්වාමින්වහන්සේ මා වග වටහා ගෙන,
මා හැඳින ගැනීම ගැන ය.
මන්ද ඒ දේවල් ගැන මම ප්‍රමෝද වන්නෙමි” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.