1
පිලිප්පි 4:6
Sinhala New Revised Version 2018
SNRV
ඔබ කිසිවක් ගැන කරදර නොවී, සියල්ලෙහි දී ස්තුති පූර්වක ව, යාච්ඤාවෙන් හා කන්නලව්වෙන් ඔබගේ අයැදීම් දෙවියන් වහන්සේට දන්වන්න.
සසඳන්න
පිලිප්පි 4:6 ගවේෂණය කරන්න
2
පිලිප්පි 4:7
එවිට සියලු නැණනුවණ ඉක්මවා යන දෙවියන් වහන්සේගේ සාමදානය, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළින් ඔබගේ සිතුම් පැතුම් ආරක්ෂා කරන්නේ ය.
පිලිප්පි 4:7 ගවේෂණය කරන්න
3
පිලිප්පි 4:8
අවසන් කොට, සහෝදරවරුනි, සත්‍ය වූ හා උදාර වූ කොයි දේ ගැනත්, සාධාරණ වූ හා පිරිසිදු වූ කොයි දේ ගැනත්, ප්‍රිය වඩන හා මනහර කොයි දේ ගැනත් සදාචාරාත්මක යයි ප්‍රශංසනීය යයි සිතිය හැකි යමක් ඇද්ද, ඒවා ගැනත් සිත යොදවන්න.
පිලිප්පි 4:8 ගවේෂණය කරන්න
4
පිලිප්පි 4:13
මා බලවත් කරන තැනැන් වහන්සේ තුළ මට සියලු දේ කළ හැකි ය.
පිලිප්පි 4:13 ගවේෂණය කරන්න
5
පිලිප්පි 4:4
සමිඳාණන් වහන්සේ තුළ නිතර ම ප්‍රීති වන්න. ප්‍රීති වන්නැ යි නැවතත් කියමි.
පිලිප්පි 4:4 ගවේෂණය කරන්න
6
පිලිප්පි 4:19
මාගේ දෙවියන් වහන්සේ, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ, ස්වකීය තේජාන්විත වස්තු සම්භාරය අනුව ඔබගේ සියලු අගහිඟකම් සපුරාලන සේක.
පිලිප්පි 4:19 ගවේෂණය කරන්න
7
පිලිප්පි 4:9
ඔබ මාගෙන් ඉගෙනගත්, මා ඔබට භාරදුන්, මා කියනු ඇසූ, මා කරනු දුටු, සියල්ල ක්‍රියාවෙහි යොදවන්න. එවිට සාමදානයේ දෙවියන් වහන්සේ ඔබ සමඟ වන සේක.
පිලිප්පි 4:9 ගවේෂණය කරන්න
8
පිලිප්පි 4:5
ඔබගේ විඳදරාගැනීමේ හැකියාව සියලු මනුෂ්‍යයන්ට දැනගන්නට ලැබේ වා. සමිඳාණන් වහන්සේ විගස වඩින සේක.
පිලිප්පි 4:5 ගවේෂණය කරන්න
9
පිලිප්පි 4:12
මම පහත් තත්ත්වයක සිටින්නට ද සමෘද්ධ ව, සිටින්නට ද දනිමි. මා කුමන තත්ත්වයක කොහි සිටියත් සෑහීමට පැමිණ සිටින්නටත්, සාගින්නෙන් සිටින්නටත්, සමෘද්ධ ව සිටින්නටත්, අගහිඟකම් ඇති ව සිටින්නටත් හැකි, රහස ඉගෙනගෙන සිටිමි.
පිලිප්පි 4:12 ගවේෂණය කරන්න
10
පිලිප්පි 4:11
මා මෙය කියන්නේ මට ඇති හිඟ කමක් නිසා නොවේ. මන්ද, මම කුමන තත්ත්වයක සිටියත් ඇති දෙයින් සතුටු වීමට ඉගෙනගෙන සිටිමි.
පිලිප්පි 4:11 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ