1
මතෙව් 26:41
සිංහල කාලීන පරිවර්තනය
SCV
පරීක්ෂාවට නො වැටෙන පිණිස, අවදිව සිටිමින් යාච්ඤා කරන්න. ආත්මය කැමතියි. එහෙත් මාංසය දුර්වල යැ” යි කී සේක.
Сравнить
Изучить මතෙව් 26:41
2
මතෙව් 26:38
එකල උන්වහන්සේ ඔවුන් අමතමින්, “මැරෙන තරමට මගේ ජීවය ශෝකයෙන් මිරිකෙයි. මා සමඟ මෙහි අවදියෙන් ඉන්නැ” යි පැවසූ සේක.
Изучить මතෙව් 26:38
3
මතෙව් 26:39
ඉන්පසු එයින් මදක් ඔබ්බට ගිය උන්වහන්සේ බිම වැටී, මුහුණ බිමට නමා, යාච්ඤා කරමින්, “මගේ පියාණෙනි, කළ හැකි නම් මේ කුසලාන මා වෙතින් ඉවත් කළ මැනව. එහෙත්, මගේ කැමැත්ත ලෙස නො ව, ඔබගේ කැමැත්ත ලෙස වේවා!” යි කී සේක.
Изучить මතෙව් 26:39
4
මතෙව් 26:28
මන්ද මෙය බොහෝ දෙනකු උදෙසා, පාප කමාව සඳහා වගුරු වන ලබන ගිවිසුමේ මගේ ලෙයයි.
Изучить මතෙව් 26:28
5
මතෙව් 26:26
ඔවුන් අහර ගනිමින් සිටියදී, යේසුස්වහන්සේ රොටි ගෙන, ආශිර්වාදය පවසා, එය කඩා, ගෝලයන්ට දෙමින්, “ගන්න, ගෙන කන්න; මෙය මගේ ශරීරය යැ” යි කී සේක.
Изучить මතෙව් 26:26
6
මතෙව් 26:27
ඉන්පසු උන්වහන්සේ කුසලානක් ගෙන, ස්තුති පුදා, ඔවුන්ට දෙමින්, “ඔබ හැම මෙයින් ගෙන පානය කරන්න
Изучить මතෙව් 26:27
7
මතෙව් 26:40
ඉන්පසු ගෝලයින් වෙත පැමිණි කල, ඔවුන් නිදා සිටිනු දුටු උන්වහන්සේ පේතෘස් අමතමින්, “මා සමඟ එක පැයක් අවදියෙන් ඉන්න ඔබට බැරි වුණා ද?
Изучить මතෙව් 26:40
8
මතෙව් 26:29
මගේ පියාණන්වහන්සේගේ රාජ්‍යයේදී ඔබ සමඟ අලුතින් පානය කරන දවස දක්වා මෙතැන් පටන් මම මේ මිදි වැලේ පලයෙන් පානය නො කරන බැව් ඔබට කියමි” යි පැවසූ සේක.
Изучить මතෙව් 26:29
9
මතෙව් 26:75
එවිට, “කුකුළා හඬලන්නට පෙර ඔබ, මා හඳුනන්නේ නැතැයි තුන් වරක් ම කියනු ඇතැ” යි යේසුස්වහන්සේ පැවසූ වචන පේතෘස් සිහි කොට, එතැනින් පිට ව ගොස්, දැඩි සංවේගයෙන් හැඬී ය.
Изучить මතෙව් 26:75
10
මතෙව් 26:46
නැගිටින්න; අපි යමු. මෙන්න, මා පාවා දෙන්නා එන්නේ යැ!” යි පැවසූ සේක.
Изучить මතෙව් 26:46
11
මතෙව් 26:52
යේසුස්වහන්සේ, එවිට ඔහු අමතමින්, “ඔබේ කඩුව යළි කොපුවේ දමා ගන්න. මන්ද කඩුගත් සියල්ලෝ කඩුවෙන් ම නසිති.
Изучить මතෙව් 26:52