1
මතෙව් 21:22
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඇදහිල්ල ඇතුව, යාච්ඤාවෙන් ඔබ ඉල්ලන කවර දෙයක් වුව ඔබට ලැබෙනු ඇතැ” යි පැවසූ සේක.
Vergelijk
Ontdek මතෙව් 21:22
2
මතෙව් 21:21
යේසුස්වහන්සේ පිළිතුරු දෙන සේක්, “සැබවින් ම මා ඔබට කියන්නේ, ඔබට ඇදහිල්ල ඇත්නම්, සැක නො කරන්නේ නම්, ඔබට කළ හැකි වන්නේ, මේ අත්තික්කා ගහට කළ දේ පමණක් නො වේ. මේ කන්දට කතා කොට, ‘ඉදිරී ගොස්, මුහුදේ වැටෙනු’ යි කීව ද එය සිදු වනු ඇත.
Ontdek මතෙව් 21:21
3
මතෙව් 21:9
උන්වහන්සේට පෙරටුව හා උන්වහන්සේට පිටුපසින් ගමන් ගත් ජනතාවෝ, “දාවිත්ගේ පුතණුවන්ට හෝසන්නා!” “ස්වාමින්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තාණන් ආශිර්වාදිත ය!” “උසස් තැන්හි හෝසන්නා!” යි මහ හඬ නැගුවෝ ය.
Ontdek මතෙව් 21:9
4
මතෙව් 21:13
ඔවුන් අමතමින්, “ලියා ඇත්තේ, ‘මගේ ගෘහය යාච්ඤාවේ ගෘහයකි’ කියා ය. එහෙත් නුඹලා එය ‘සොරුන්ගේ ගුහාවක්’ කරති” යි කී සේක.
Ontdek මතෙව් 21:13
5
මතෙව් 21:5
“ ‘මෙන්න, ඔබේ රජ නිහතමානී ව, බූරුවකු පිට නැගී, බූරු වස්සකු පිට ඔබ වෙත එතැ’ යි සියොන් දියණියට කියන්න” යනුයි.
Ontdek මතෙව් 21:5
6
මතෙව් 21:42
එවිට ඔවුන් ඇමතූ යේසුස්වහන්සේ, “ ‘ඉදිකරන්නන් විසින් ඉවත ලූ ගල, ප්‍රධාන ඉදිකිරීම් ගල බවට පත් ව ඇත; මෙය ස්වාමින්වහන්සේ ම කළ දෙයකි, අපගේ ඇස්වලට එය ආශ්චර්යයකි’ යන ශුද්ධ ලියවිලි පාඨය ඔබ කෙදිනකවත් කියවා නැද්ද?
Ontdek මතෙව් 21:42
7
මතෙව් 21:43
“එබැවින් මම ඔබට කියන්නේ, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ඔබගෙන් ඉවතට ගෙන, එහි පල උපද්දන වෙනත් ජනතාවකට දෙනු ලබන්නේ ය.
Ontdek මතෙව් 21:43