YouVersion လိုဂို
ရှာရန် အိုင်ကွန်

1 තිමෝති 2

2
නමස්කාරයේදී
1සියල්ලට පළමු උදක් ම මා කියා සිටින්නේ, ඉල්ලීම්, යාච්ඤා, මැදහත්කම් හා ස්තුති දීම් සියලු දෙනා උදෙසා කරන ලෙසයි. 2හැම අතින් ම භක්තියෙන් හා ගෞරවයෙන් යුතු ව සාමකාමී, නිසසල ජීවිතයක් ගත කරන පිණිස, රජුන් හා උසස් තනතුරු දරන සියල්ලන් උදෙසා එසේ කරන්න. 3එය යහපත් ය; අප ගැලවුම්කාර දෙවියන්වහන්සේ හමුවේ ප්‍රසන්න ය. 4සියලු ජනයා ගැලවීමත්, සත්‍යය දැනගැනීමට පැමිණීමත් උන්වහන්සේගේ කැමැත්ත ය. 5මන්ද සිටින්නේ එක දෙවියන්වහන්සේ හා දෙවියන්වහන්සේත් මිනිසුනුත් අතර එක මැදහත්කරුවාණන් වන මිනිසා වූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේත් ය. 6එයට නියමිත කාලයේ වූ සාක්ෂිය වශයෙන්, උන්වහන්සේ සියල්ලන් උදෙසා මිදීමේ මිලයක් ව තමන් ම කැප කළ සේක. 7දේශකයකු හා අපෝස්තුලුවරයකු ලෙස හා අන්‍ය-ජාතීන් උදෙසා ඇදහිල්ලේ හා සත්‍යයේ ගුරුවරයකු ලෙස මා පත් කරනු ලැබ ඇත්තේ ඒ සඳහා ය. මා කියන්නේ ඇත්ත ය; මා බොරු කියන්නේ නැත.
8එබැවින් හැම තැනක පුරුෂයින් තරහ හා කළහ නැතිව, යාච්ඤාවේදී ශුද්ධ අත් එසවීම මගේ කැමැත්ත ය. 9එලෙස ස්ත්‍රීන් කොණ්ඩා මෝස්තර, රන්, මුතු හෝ අගනා සළු-පිළිවලින් නො ව විනීත ව, සංයමයෙන් යුතු ව ශිෂ්ට ඇඳුමින් සැරසී සිටීම මගේ කැමැත්තයි. 10භක්තිවන්ත ස්ත්‍රීන්ට යෝග්‍ය සත් ක්‍රියා ය.
11ස්ත්‍රිය නිහඬතාවයෙන් හා පූර්ණ යටහත් භාවයෙන් ඉගෙන ගනීවා. 12ඉගැන්වීමට හෝ පුරුෂයකු කෙරේ ආධිපත්‍යය දැරීමට ස්ත්‍රියකට මා අවසර දෙන්නේ නැත. ඇය නිශ්ශබ්ද ව සිටිය යුතු ය. 13මන්ද මුලින් ම නිම වන ලද්දේ ආදම් ය; ඒව, ඉන්පසුව ය. 14ආදම් රැවටුණේ නැත; රවටනු ලැබ, පවට වැටුණේ ස්ත්‍රියයි; 15එහෙත්, සංයමයෙන් යුතු ව ඇදහිල්ලෙන්, ප්‍රේමයෙන් හා ශුද්ධකමින් පැවත සිටිනවා නම්, දරු ප්‍රසූතිය තුළින් ඈ ගලවනු ලබන්නී ය.

လက်ရှိရွေးချယ်ထားမှု

1 තිමෝති 2: SCV

အရောင်မှတ်ချက်

ကူးယူ

နှိုင်းယှဉ်

မျှဝေရန်

None

မိမိစက်ကိရိယာအားလုံးတွင် မိမိအရောင်ချယ်သောအရာများကို သိမ်းဆည်းထားလိုပါသလား။ စာရင်းသွင်းပါ (သို့) အကောင့်ဝင်လိုက်ပါ