1
1 තිමෝති 2:5-6
සිංහල කාලීන පරිවර්තනය
SCV
මන්ද සිටින්නේ එක දෙවියන්වහන්සේ හා දෙවියන්වහන්සේත් මිනිසුනුත් අතර එක මැදහත්කරුවාණන් වන මිනිසා වූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේත් ය. එයට නියමිත කාලයේ වූ සාක්ෂිය වශයෙන්, උන්වහන්සේ සියල්ලන් උදෙසා මිදීමේ මිලයක් ව තමන් ම කැප කළ සේක.
နှိုင်းယှဉ်
1 තිමෝති 2:5-6ရှာဖွေလေ့လာလိုက်ပါ။
2
1 තිමෝති 2:1-2
සියල්ලට පළමු උදක් ම මා කියා සිටින්නේ, ඉල්ලීම්, යාච්ඤා, මැදහත්කම් හා ස්තුති දීම් සියලු දෙනා උදෙසා කරන ලෙසයි. හැම අතින් ම භක්තියෙන් හා ගෞරවයෙන් යුතු ව සාමකාමී, නිසසල ජීවිතයක් ගත කරන පිණිස, රජුන් හා උසස් තනතුරු දරන සියල්ලන් උදෙසා එසේ කරන්න.
1 තිමෝති 2:1-2ရှာဖွေလေ့လာလိုက်ပါ။
3
1 තිමෝති 2:8-10
එබැවින් හැම තැනක පුරුෂයින් තරහ හා කළහ නැතිව, යාච්ඤාවේදී ශුද්ධ අත් එසවීම මගේ කැමැත්ත ය. එලෙස ස්ත්‍රීන් කොණ්ඩා මෝස්තර, රන්, මුතු හෝ අගනා සළු-පිළිවලින් නො ව විනීත ව, සංයමයෙන් යුතු ව ශිෂ්ට ඇඳුමින් සැරසී සිටීම මගේ කැමැත්තයි. භක්තිවන්ත ස්ත්රීන්ට යෝග්‍ය සත් ක්‍රියා ය.
1 තිමෝති 2:8-10ရှာဖွေလေ့လာလိုက်ပါ။