1
ශු. මතෙව් 27:46
Sinhala Revised Old Version
SROV
නවවෙනි පැය පමණේදී යේසුස්වහන්සේ: ඒලී, ඒලී, ලාමා සබක්තානි කියා මහත් ශබ්දයකින් මොරගැසූසේක. එහි අර්ථය නම්, මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මක්නිසාද යනුයි.
താരതമ്യം
ශු. මතෙව් 27:46 പര്യവേക്ഷണം ചെയ്യുക
2
ශු. මතෙව් 27:51-52
බලව, දේවමාළිගාවේ තිරය ඉහළ පටන් පහළට දෙකඩව ඉරුණේය; පොළොව කම්පාවූවාය; පර්වත පැළුණේය; සොහොන් ගෙවල්ද ඇරුණේය; සැතපී හුන්නාවූ නොයෙක් ශුද්ධවරයන්ගේ ශරීර නැගුටුවනලදුව
ශු. මතෙව් 27:51-52 പര്യവേക്ഷണം ചെയ്യുക
3
ශු. මතෙව් 27:50
යේසුස්වහන්සේ නැවතත් මහත් ශබ්දයකින් හඬනගා ආත්මය හළසේක.
ශු. මතෙව් 27:50 പര്യവേക്ഷണം ചെയ്യുക
4
ශු. මතෙව් 27:54
සියයකට මුලාදෑනියාද ඔහු සමඟ යේසුස්වහන්සේ රැකවල්කරමින් සිටි අයද පොළෝකම්පාවත් සිදුවූ දේත් දැක ඉතා භයපත්ව: සැබවින්ම මුන්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්රයායයි කීවෝය.
ශු. මතෙව් 27:54 പര്യവേക്ഷണം ചെയ്യുക
5
ශු. මතෙව් 27:45
සවෙනි පැය පටන් නවවෙනි පැය දක්වා දේශය මුළුල්ලෙහි අන්ධකාරයක් විය.
ශු. මතෙව් 27:45 പര്യവേക്ഷണം ചെയ്യുക
6
ශු. මතෙව් 27:22-23
එසේවී නම් ක්රිස්තුස් කියන යේසුස්ට මා විසින් කුමක් කරන්ටදැයි පිලාත් ඔවුන්ගෙන් ඇසුවේය. ඔහු කුරුසියෙහි ඇණගසනු ලබාවයි සියල්ලෝම කීවෝය. එවිට ඔහු: මන්ද, මොහු මොන නපුරක් කෙළේදැයි ඇසුවේය. නුමුත්: ඔහු කුරුසියෙහි ඇණගසනු ලබාවයි ඔව්හු අතිශයෙන් මොරගැසුවෝය.
ශු. මතෙව් 27:22-23 പര്യവേക്ഷണം ചെയ്യുക
ആദ്യത്തെ സ്ക്രീൻ
വേദപുസ്തകം
പദ്ധതികൾ
വീഡിയോകൾ