එවිට ඔව්හු වැඩිමහල්ලන් සමඟ රැස්ව මන්ත්රණයකොට, හේවායන්ට බොහෝ මිලදී: අප නිදාඉන්දදී ඔහුගේ ගෝලයෝ රෑ ඇවිත් ඔහු සොරාගෙන ගියෝයයි කියන්න. මේක ආණ්ඩුකාරයාට ආරංචිවුණොත්, අපි ඔහු සතුටුකොට නුඹලා බේරාගන්නෙමුයයි කීවෝය. ඔව්හු මිල රැගෙන තමුන්ට ඉගැන්නූ ලෙස කළෝය. මෙසේ ඒ කීම යුදෙව්වරුන් අතරේ ප්රසිද්ධව, අද දක්වා පවත්නේය.