1
උත්පත්ති 21:1
Sinhala New Revised Version 2018
SNRV
තවද, සමිඳාණන් වහන්සේ වදාළ පරිදි උන් වහන්සේ සාරාට කරුණාව දැක්වූ සේක. උන් වහන්සේ ඈට දුන් පොරොන්දුව ඉටු කළ සේක.
Palyginti
Naršyti උත්පත්ති 21:1
2
උත්පත්ති 21:17-18
දරුවාගේ හඬ දෙවියන් වහන්සේට ඇසිණි. උන් වහන්සේගේ දූතයා ස්වර්ගයේ සිට හාගර්ට කතා කොට, “ඔබ කරදර වී ඉන්නේ කුමක්නිසා ද? බිය නොවන්න. දරුවාගේ හැඬීම දෙවියන් වහන්සේට ඇසී ඇත. නැඟිටින්න, දරුවා ඔසවා අතට ගන්න, මම ඔහුගෙන් විශාල පෙළපතක් ඇති කරමි”යි කීවේ ය.
Naršyti උත්පත්ති 21:17-18
3
උත්පත්ති 21:2
සාරා ද පිළිසිඳගෙන, දෙවියන් වහන්සේ වදාළ නියමිත කාලයෙහි, ආබ්රහම්ගේ මහලු වයසෙහි ඔහුට දාව පුත්රයෙකු ලැබුවා ය.
Naršyti උත්පත්ති 21:2
4
උත්පත්ති 21:6
සාරා ද කතා කරමින්, “දෙවියන් වහන්සේ මා හිනැස්සූ සේක. මේ ගැන අසන සියල්ලන් මා සමඟ සිනාසෙනු ඇත.
Naršyti උත්පත්ති 21:6
5
උත්පත්ති 21:12
එහෙත්, දෙවියන් වහන්සේ ආබ්රහම්ට කතා කොට, “නුඹ හාගර් හා ඉෂ්මායෙල් නිසා කණගාටු නොවන්න. සාරා නුඹට කී සියල්ලට ම සවන් දෙන්න. ඒ මන්ද, නුඹේ පෙළපත ඇති වන්නේ ඊසාක් මඟින් ය.
Naršyti උත්පත්ති 21:12
6
උත්පත්ති 21:13
හාගර්ගේ පුත්රයා ද නුඹට දාව උපන් බැවින් ඔහුට ද මම පෙළපතක් දෙන්නෙමි”යි වදාළ සේක.
Naršyti උත්පත්ති 21:13