මීකා 6

6
ඉශ්‍රායෙල්ට එරෙහි පැමිණිල්ල
1 ස්වාමින්වහන්සේ කියන දේට සවන් දෙන්න:
“නැගී සිට මගේ නඩුව, කඳු ඉදිරියෙහි ගෙන හැර පාන්න.
ඔබේ කටහඬ කඳු හෙල් අසා සිටීවා.
2“එම්බා කඳු, ස්වාමින්වහන්සේගේ චෝදනාවට සවන් දෙන්න;
පොළොවේ සදාතන අත්තිවාරම්, මේ අහන්න.
ස්වකීය ජනතාවට එරෙහි නඩුවක් ස්වාමින්වහන්සේට ඇත;
ඉශ්‍රායෙල් සමඟ විවාදයක් උන්වහන්සේට ඇත.
3“අහෝ මගේ ජනයිනි, කුමක් ද මා නුඹලාට කළේ?
කෙලෙස ද මා නුඹලාට බර පැටවූයේ? මට උත්තර දෙනු!
4මන්ද, මම ඊජිප්තු දේශයෙන් පිටතට නුඹලා ගෙනවුත්,
වහල්කමේ නිවාසයෙන් නුඹලා මුදා ගතිමි.
මම නුඹලාට මග පෙන්වන්නට මෝසෙස් ද
ඒ සමඟ ආරොන් හා මිරියාම් ද යැවීමි.
5අහෝ මගේ ජනයිනි,
ස්වාමින්වහන්සේගේ ධර්මිෂ්ඨ ක්‍රියා නුඹලා දැනගන්නා පිණිස,
මෝවබ්හි රජු වූ බාලාක්ගේ සැලැස්ම කවරේ ද කියාත්
බෙයෝර්ගේ පුත් බාලාම්ගේ ප්‍රතිවචන, මොනවා ද කියාත්,
ෂිට්ටීම් සිට ගිල්ගාල් දක්වා සිදු වූ දෑ සිහි කරන්න.”
6උත්තම දෙවියන්වහන්සේ අබියස වැඳ-නමඳින්නට,
ස්වාමින්වහන්සේ ඉදිරියට මා ආ යුත්තේ කුමක් රැගෙන ද?
උන්වහන්සේ අබියසට දවන යාග පූජා වශයෙන්
එක් අවුරුදු වහු පැටවුන් ගෙන එම් ද?
7දහස් ගණන් බැටළුවන්ට,
දස දහස් ගණන් තෙල් ගංගාවලට ස්වාමින්වහන්සේ ප්‍රසන්න වන සේක් ද?
මගේ අයුතුකමට මගේ කුලුඳුල් පුතු දෙම් ද?
මගේ ජීවයේ පාපයට මගේ ශාරීරික පලය දෙම් ද?
8එම්බා මනුෂ්‍යය, යහපත කවරේදැයි උන්වහන්සේ ඔබට පෙන්වා දී ඇත.
ස්වාමින්වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වන්නේ කුමක් ද?
සාධාරණ ව ක්‍රියාකිරීමත්, දයාවට ප්‍රේමවීමත්,
ඔබේ දෙවියන්වහන්සේ සමඟ යටහත් ව හැසිරීමත් නො වේ ද?
වරද හා දඬුවම
9 ස්වාමින්වහන්සේගේ කටහඬ පුරවරය හඬ නංවයි.
ඔබගේ නාමයට භය වීමට ප්‍රඥාවත් නාදයකි එය.
“කෙවිටට හා එය නියම කළ තැනැත්තාණන්ට, සවන් දෙන්න.
10දුෂ්ටකමේ නිවසේ දුෂ්ටකමේ වස්තුවත්,
ශාප ලත් හොර-මැනුම් භාජනත් තවදුරටත් අමතක කළ හැකි ද?
11වංචනික තරාදි හා හොර කිරුම් පඩි ගොන්නක් ඇති මිනිසා
මම නිදොස් කර යවම් ද?
12ඔබගේ ධනවත්හු සැහැසිකමින් පිරී සිටිති;
ඔබගේ වැසියෝ බොරුව කතා කරති.
ඔවුන්ගේ දිව් ඔවුන්ගේ මුව තුළ දොඩමලු වන්නේ රැවටිලිකාර ව ය.
13එබැවින් මම, දැඩි පහරකින් ඔබට පහර දෙමි.
ඔබේ පාප නිසා, ඔබ හුදකලා කරන්නෙමි.
14ඔබ අහර ගන්නා නමුදු, සෑහීමට පත් නො වේ.
ඔබේ කුස තුළ සාගිනි නො නිවේ.
ඔබ රැස් කරන නමුත් කිසිවක් නො රැඳේ;
ඔබ රැක ගන්නා දේ මම කඩුවට බිලි දෙන්නෙමි.
15ඔබ වගා කරයි. එහෙත් කපා ගන්නේ නැත.
ඔබ ඔලීව මඩින නමුත්, තෙල් ඇඟ ගල්වන්නට නො ලැබේ.
ඔබ මිදි පල මඩින නමුත් මිදි යුෂ බොන්නට නො ලැබේ.
16මන්ද, ඔබ ඔම්රී රජු දුන් නියමයන් හා
ආහාබ් රාජ වංශයේ පිළිවෙත් සියල්ල රක්ෂා කරති;
ඔවුන්ගේ චාරිත්‍ර ද පිළිපදිති.
එබැවින්, මම ඔබ පාළුවක් ද
ඔබේ වැසියන් පරිහාසයක් ද කරමි;
එබැවින් ඔබ ජනයාගේ#6:16 ජනයාගේ ග්‍රීක් ජනයන්ගේ සමච්චලය විඳිනු ඇත.”

선택된 구절:

මීකා 6: SCV

하이라이트

공유

비교

복사

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요

මීකා 6 동영상