මීකා 5

5
පාලකයකු පිළිබඳ පොරොන්දුව
1එම්බා භට-සේනා-දියණිය#5:1 භට-සේනා-දියණිය එනම් භට-සේනා-නුවර, නුඹේ භට-සේනා එක් රැස් කරන්න.
මන්ද, අපට එරෙහිව වැටලුම් දමා ඇත.
ඉශ්‍රායෙල් විනිශ්චයකරුගේ කම්මුලට
ඔවුන් ඉපැල් පහර දෙනු ඇත.
2“එහෙත් නුඹ! එම්බා එෆ්‍රාතාහි බෙත්ලෙහෙම,
යූදා පෙළපත් අතරෙහි නුඹ කුඩා වුවත්,
ඉශ්‍රායෙලයේ පාලකයා
මවෙත නික්ම එන්නේ නුඹ වෙතිනි.
එතුමන්ගේ සම්භවය පැවත එන්නේ පුරාතනයේ සිට ය;
අතීත දවස්වල සිට ය.”
3එබැවින්, දරු ප්‍රසූතියට ආසන්න තැනැත්තී පුතකු බිහි කරන තෙක් ම,
ඔවුන් උන්වහන්සේ#5:3 උන්වහන්සේ හෝ එතුමා අත්හැර දමනු ඇත.
ඉන්පසු, ඒ පුතුගේ සෙසු සහෝදරයෝ
ඉශ්‍රායෙල් ජනයා හා එක්වීමට පෙරළා එන්නෝ ය.
4එතුමා නැගිට සිට, ස්වාමින්වහන්සේ තුළ ශක්තියෙන්,
තම දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමයේ බල පරාක්‍රමයෙන්
තම රංචුව රැක බලා ගන්නේ ය.
එකල ඔවුන් සුරැකි ව දිවි ගෙවනු ඇත.
එවිට, පොළෝ සීමා තෙක් ම, එතුමන්ගේ උතුම්කම පැතිරෙන්නේ ය.
5එතුමාණෝ ඔවුන්ගේ ශාන්තිය වන්නාහ.
අසිරියානුන් අපේ දේශය ආක්‍රමණ කර,
අපේ බළකොටු ඔස්සේ පෙරෙට්ටුවේ යන කල,
ඔවුනට එරෙහිව අපි, එඬේරුන් සත් දෙනකු
අපට අධිපතීන් වන මිනිසුන් අටදෙනකු පත් කර ගන්නෙමු.
6ඔවුන් අසිරියාවේ දේශය අසිපතින්
නිම්රොද්ගේ ඒ දේශයේ පිවිසුම් දක්වා පාලනය කරනු ඇත.
අසිරියානුන් අප දේශයට කඩා වැද,
දේශ සීමා හරහා ගමන් කරනා කල,
එතුමා අප මුදා ගනු ඇත.
7යාකොබ් වංශික ඉතිරි ස්වල්ප දෙනා
බොහෝ ජනයින් මධ්‍යයේ
ස්වාමින්වහන්සේගේ පිනි මෙන් ද
මිනිසා ගැන බලා නො සිටින,
මානව වර්ගයාගෙන් නො යැපෙන,
තණ පිට වස්නා වැහි බිඳු මෙන් ද වන්නේ ය.
8යාකොබ් වංශික ඉතිරි ස්වල්ප දෙනා ජාතීන් අතරේ
බොහෝ ජනයින් මධ්‍යයේ
වනයේ වන සතුන් අතර සිංහයකු සේ ද
කිසිවකුටත් ගලවන්නට බැරි ලෙස තලා-ඉරා දමමින්,
බැටළු රංචු මැදින් යන
සිංහ පෝතකයකු සේ ද වන්නේ ය.
9ඔබගේ අත ජයග්‍රාහී ව ඔබගේ සතුරන් පිට ඔසවනු ලබන්නේ ය.
ඔබගේ සියලු එදිරිවාදීහු විනාශ කරනු ලබති.
10 ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කරන සේක:
“ඒ දවසේ මම, ඔබ අතරේ සිටින අශ්වයින් වනසා දමන්නෙමි;
ඔබගේ අශ්ව-රථ සිඳ දමන්නෙමි.
11මම ඔබේ දේශයේ පුර නගර විනාශ කරන්නෙමි,
ඔබේ සියලු බළකොටු කඩා, බිම දමන්නෙමි.
12මම ඔබේ මන්තර ගුරුකම් වනසා දමන්නෙමි,
මින් මතු නුඹ හදි-හූනියම් නො කරනු ඇත.
13මම ඔබේ නෙළූ දේව රූප හා
ඔබේ පූජනීය ගල් කුලුනු ඔබ අතරින් විනාශ කරන්නෙමි.
තවදුරටත් ඔබ ඔබේ ම දෑතින් නිමැවූ දෑ
නමදිනු නැත.
14ඔබේ අෂේරා කණු මම මුලිනුදුරා,
ඔබේ පුර නගර බිඳ හෙළන්නෙමි.
15මට අවනත නො වූ ජාතීන්ගෙන්
මම කෝපයෙන් ද උදහසින් ද යුතු ව පළිගන්නෙමි.”

선택된 구절:

මීකා 5: SCV

하이라이트

공유

비교

복사

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요