මීකා 3

3
නායකයන් හා දිවැසිවරුන්
1මම මෙසේ කීමි:
“මේ අහන්න! යාකොබ් ජන නායකයිනි,
ඉශ්‍රායෙල් වංශයේ පාලකයිනි,
නුඹලා යුක්තිය දැනගත යුතු නො වේ ද?
2යහපතට වෛර කරමින්, දුෂ්ටකමට ඇලුම් වන නුඹලා,
මගේ ජනයාගේ හම ඉරා දමති;
ඔවුන්ගේ ඇටකටුවලින්, මස ගලවා දමති.
3මගේ ජනයාගේ මාංස කා දමන නුඹලා,
ඔවුන් වෙතින් ඔවුන්ගේ හම ගසා,
ඔවුන්ගේ ඇටකටු කැබලි කර කඩා,
තාච්චුවට මස් පරිදි, හැළියක ලන මාංස පරිදි
ඔවුන් කුට්ටි කරති.”
4එවිට ඔවුන් ස්වාමින්වහන්සේට මොර ගසනු ඇත.
එහෙත් උන්වහන්සේ ඔවුන්ට උත්තර නො දෙන සේක.
මෙවිට උන්වහන්සේ ඔවුන්ගෙන් ස්වකීය මුහුණ සඟවා ගන්නේ
ඔවුන් තමන්ගේ ක්‍රියා දුෂ්ටකමට හැරවූ නිසා ය.
5 ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක:
“මගේ ජනයාට අයාලේ යන්නට
මග පෙන් වූ දිවැසිවරුන් ගැන නම්,
ඔවුන් කන්නට දෙයක් ඔවුනට ඇති විට
සාමය යයි කියති.
එහෙත් තම මුවට කිසිවක් නො දමන්නන්ට එරෙහිව
යුද්ධ ප්‍රකාශ කරති,
6එබැවින්, දර්ශන නොමැතිව නුඹලාට රෑ වේ.
පේන කීම නොමැතිව කළුවර වේ.
දිවැසිවරුනට හිරු බැස යන්නේ ය.
දහවල ඔවුන්ට කළුවර වන්නේ ය.
7අනාගතවක්තෘවරුන් අවමානයට පත් කෙරේ.
පේන කියන්නන් ලජ්ජාවට පත් කරනු ලැබේ.
ඔවුහු සියල්ලෝ තම උඩු රැවුල පටන් පහළට මුහුණ වසා ගන්නෝ ය.
මන්ද, දෙවියන්වහන්සේගෙන් පිළිතුරක් නැත.”
8එහෙත් මා ගැන නම්, මම බලයෙන් පිරී සිටිමි;
ස්වාමින්වහන්සේගේ ආත්මයාණන්ගෙන් පිරී සිටිමි.
යුක්තියෙන් හා ශක්තියෙන් පිරී සිටිමි.
ඒ, යාකොබ්ට ඔහුගේ අයුතුකම ද
ඉශ්‍රායෙල්ට ඔහුගේ පාපය ද නිවේදන කිරීමට ය.
9යාකොබ් වංශික නායකයිනි,
ඉශ්‍රායෙල් වංශික පාලකයිනි, මේ අහන්න;
යුක්තිය නීච කොට සැලකුවේත්,
කෙළින් තිබූ සියල්ල විකෘති කළේත් නුඹලා ම ය.
10ලේවලින් සියොන තැනුවේත්,
අයුක්තියෙන් යෙරුසලම තැනුවේත් නුඹලා ම ය.
11එහි නායකයින් විනිශ්චය දෙන්නේ, අල්ලසට ය.
එහි පූජකයින් උගන්වන්නේ ගාස්තුවට ය.
එහි දිවැසිවරුන් අනාවැකි පවසන්නේ මුදලට ය.
එසේ ද වුව ඔවුහු, ස්වාමින්වහන්සේ ගාවාගනිමින්,
ස්වාමින්වහන්සේ අප මධ්‍යයේ නො වේ ද?
කිසි විපත්තියක් අප පිට නො පැමිණෙතැ” යි කියති.
12එබැවින් නුඹලා නිසා,
සියොන කෙතක් සේ හානු ලැබේ.
යෙරුසලම නටබුන් ගල් ගොඩක් බවට පත් වේ.
ගෘහ කන්ද ලඳු කැලෑ ගොඩැල්ලක් වනු ඇත.

선택된 구절:

මීකා 3: SCV

하이라이트

공유

비교

복사

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요