මීකා 2

2
මිනිස් සැලසුම් සහ දේව සැලසුම්
1තම යහනේ සිට අයුතුකම සැලසුම් කරන්නන්ට,
දුෂ්ට උපා යොදන්නවුන්ට දුක්-විපත් වේ!
උදයේ එළිය වැටෙන විට ඔවුහු ඒවා ක්‍රියාවට නගති;
මන්ද, එසේ කරන්නට බලය ඔවුනට ඇති බැවිනි.
2ඔවුහු තෘෂ්ණා වී, කෙත් වතු බලයෙන් අල්ලා ගනිති;
ගේ-දොර පැහැර, ඒවා ඉවත ගෙන යති.
ඔවුහු, මිනිසකු ද ඔහුගේ නිවස ද
ගෙහිමියා ද ඔහුගේ උරුමය ද පීඩාවට පත් කරති.
3එබැවින් ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක:
“මෙන්න මම මේ වංශයට විරුද්ධ ව විපත්තිය සැලසුම් කරමි;
එයින් ඔබට ඔබේ ගෙල ගලවාගත නො හේ.
තවදුරටත් ඔබ අහංකාරයෙන් ගමන් ගන්නේ නැත.
මන්ද එය විපත්තියේ කාලයක් වන්නේ ය.
4ඒ දවසේ ඔවුන් ඔබට එරෙහිව සරදම් ගීයක් ගෙනෙනු ඇත.
ඔවුහු දැඩි ව වැලපෙමින් මෙසේ කියති:
‘අපි සහමුලින් ම විනාශ වුණෙමු;
මගේ ජනයාගේ පංගු කොටස් ඉවත ගනු ලැබ ඇත.
උන්වහන්සේ මවෙතින් එය ඉවත් කරන සේක්,
අප හැර යන්නකුට අපේ කෙත්වත් පවරා දෙන සේක.’ ”
5එබැවින්, පස ඇට දමා, දේශය බෙදා දීමට
ස්වාමින්වහන්සේගේ සභාවට අයත් කිසිවකු හෝ ඔබට නො සිටිනු ඇත.
බොරු අනාගතවක්තෘවරු
6“දේශනා නො කරනු.” ඔවුන් දේශනා කරන්නේ මෙලෙස ය.
“එවැන්නක් දේශනා නො කළ යුතු ය.
අවමානය අප වෙළාගන්නේ නැත.”
7එසේ කීම යුතු ද? එම්බා යාකොබ්ගේ වංශය,
ස්වාමින්වහන්සේගේ ආත්මයාණන්ගේ ඉවසීම හීන වී ද?
මේවා උන්වහන්සේගේ වැඩ ද?”
“අවංක ලෙස හැසිරෙන්නන්ට
මගේ වචනය සෙත නො සලසා ද?
8එහෙත් මෑතදී මගේ ජනයා
සතුරකු සේ නැගුටුණෝ ය.
යුද්ධය ගැන සිතුවිල්ලක් නැතිව#2:8 යුද්ධය ගැන සිතුවිල්ලක් නැතිව හෝ යුද්ධයෙන් ආපසු හැරී එන්නන් සේ විශ්වාසයෙන් යුතු ව
ඔබ පසු කර යන්නවුන්ගේ කබා
ඔබ ගලවා දමයි.
9නුඹලා මගේ ජනයාගේ කාන්තාවන්,
ඔවුන්ගේ ප්‍රිය නිවෙස්වලින් පලවා හරිති.
ඔවුන්ගේ දරුවන් වෙතින් මගේ මහිමය
නුඹලා සදහට ම පහ කර දමති.
10නැගිටිනු, ඉවත යනු!
මන්ද මෙතැන විවේකයට තැනක් නො වේ.
මන්ද, අපවිත්‍රතාව දැඩි විනාශයකින්
එය විනාශ කරනු ලැබ ඇත.
11මනුෂ්‍යයකු එහි ගොස්, බොරුවෙන්, හිස් වදනින්
‘මම ඔබට මිදි යුෂ හා මද්‍යසාර ගැන දේශනා කරන්නෙමි’ යි පවසතොත්
මේ ජනයාට සරිලන දිවැසිවරයා ඔහු ය.
මිදීම පොරොන්දු වීම
12“එම්බා යාකොබ්, සත්තකින් ම මම ඔබ හැම රැස් කරන්නෙමි.
ඉශ්‍රායෙල් ඉතිරි ස්වල්ප දෙනා මම සැබවින් ම එක් රැස් කරන්නෙමි.
එක ම ගාලක බැටළුවන් සේ
උන්ගේ ම තණ බිමේ බැටළු රංචුවක් සේ
ඔවුන් රැස් කරන්නෙමි; ඔවුන් ඝෝෂා සහිත මිනිස් සමූහයක් වනු ඇත.
13මාවත බිඳ විවරකරන්නා, ඔවුන්ට පෙරටුව යන්නේ ය.
ඔවුන් දොරටුව ඔස්සේ කඩා බිඳගෙන ඔවුන්ට පෙරටුව පිටතට යනු ඇත.
ඔවුන්ගේ රජ්ජුරුවෝ ඔවුන්ට පෙරටුව යන්නාහ.
ස්වාමින්වහන්සේ ඔවුන්ගේ පෙරමුණේ ය.”

선택된 구절:

මීකා 2: SCV

하이라이트

공유

비교

복사

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요