මීකා 1

1
1යෝතාම්, ආහාස් හා හෙසකියා යන යූදා රජවරුන්ගේ දවස්හි ස්වාමින්වහන්සේගේ වචනය මෝරෙෂෙත්හි මීකා වෙත පැමිණියේ ය. ඔහු දුටුවේ සමාරිය හා යෙරුසලම සම්බන්ධයෙනි.
2එම්බා ජනයිනි, මේ අහන්න; සෑම සියල්ලෙනි,
එම්බා පොළොව, එතුළ ඇති සියල්ලෙනි, අවධානය යොමන්න.
ස්වාමින්වහන්සේ, ස්වකීය ශුද්ධ මාලිගයේ සිට,
පරමාධිපති ස්වාමින්වහන්සේ නුඹලාට එරෙහිව සාක්ෂි දැරුවා වේ.
සමාරියට හා යෙරුසලමට එරෙහිව
3මෙන්න! ස්වාමින්වහන්සේ ස්වකීය වාසස්ථානයෙන් පිටත් ව එන සේක;
උන්වහන්සේ බැස අවුත්, පොළොවේ උස් තැන් පිට සක්මන් කරන සේක.
4උන්වහන්සේගේ පා යටින් කඳු දියවී යන්නේ
මිටියාවත් පැළී විවර වන්නේ,
ගිනි අබියස ඉටි මෙනි.
පල්ලමක පහළට කඩා හැලෙන ජලය මෙනි.
5මේ සියල්ල යාකොබ්ගේ අපරාධ නිසා ය.
ඉශ්‍රායෙල් වංශයේ පාප නිසා ය.
යාකොබ්ගේ අපරාධය කිමෙක් ද?
සමාරිය නො වේ ද?
තවද යූදාගේ උස් තැන කුමක් ද?
එය යෙරුසලම නො වේ ද?
6එබැවින් මම සමාරිය කැබලි ගොඩක්,
මිදි වතු වවන තැනක්, කරන්නෙමි.
මම ඇගේ ගල්, මිටියාවතට හෙළා,
ඇගේ අත්තිවාරම් නිරුවත් කරන්නෙමි.
7ඇගේ සියලු නෙළූ පිළිම, කැබලිවලට කඩා දැමේ;
ඇගේ සියලු දේවාල සම්පත් ගින්නෙහි දවනු ලැබේ.
ඇගේ රූප-පිළිම සියල්ල මම විනාශ කරන්නෙමි.
මන්ද තම සියලු සම්පත් ඇය එක් රැස් කර ගත්තේ, ගණිකා වෘත්තියෙන් ඉපයූ වේතනයෙන් බැවින්
යළි ඒවා යොදවනු ලබන්නේ ද ගණිකා වෘත්තියට වේතන වශයෙන් ම ය.
හැඬීම හා වැලපීම
8මේ නිසා මම හඬන්නෙමි; විලාප දෙන්නෙමි;
මම නිර්වස්ත්‍ර ව, නිරාවරණ දෙපයින් ඇවිදින්නෙමි.
මම හිවලකු සේ බෙරිහන් දෙන්නෙමි;
උකුසු බකමූණකු සේ වැලපෙන්නෙමි.
9මන්ද සමාරියේ තුවාලය, සුව කළ නො හැකි ය.
යූදා පෙදෙස දක්වාත් එය ඇවිදින් ය.
මගේ ජනයාගේ දොරටුව දක්වා ම,
යෙරුසලම දක්වා එය ඇවිදින් ය.
10ගාත්හි එය නො පවසන්න;
කෙලෙසකවත් නො හඬන්න;
බෙත්-ලෙ-අෆ්‍රාහි දී
දූලියෙහි පෙරැළෙන්න.
11ෂාෆීර්හි වාසය කරන්නෙනි,
නිර්වස්ත්‍ර ව, නින්දා සහගත ව ගමන් ගන්න.
සානාන්හි වාසය කරන්නන්
පිටතට පැමිණෙනු නැත.
බෙත්-ඒසෙල් වැලපෙමින් සිටී.
එහි රැකවරණය නුඹ වෙතින් ඉවත් කෙරිණි.
12මාරෝත්හි වාසය කරන්නෝ,
අස්වැසුමක් බලා හිඳිති.
මන්ද විපත්තිය පැමිණ ඇත්තේ, ස්වාමින්වහන්සේ වෙතිනි;
එය යෙරුසලම් දොරටුව දක්වා ම ඇවිදින් ය.
13ලාකීෂ්හි වාසය කරන්නෙනි,
ඔබේ රථවලට ජවාධික අශ්වයින් බැඳ ගන්න;
සියොන් දියණිය තුළ පාපයේ පටන් ගැන්ම එතැන ය;
මන්ද ඉශ්‍රායෙල්ගේ අපරාධය ඔබ තුළ ද දක්නට ලැබිණ.
14එබැවින්, වෙන් ව යෑමේ ත්‍යාග,
මෝරෙෂෙත්-ගාත්ට පිරිනමනු ඇත්තේ ඔබ ය.
අක්සීබ් පුරවරය ඉශ්‍රායෙල් රජුන්ට
වංචනික වූ වග ඔප්පු වන්නේ ය.
15මාරේෂාහි වසන්නනි,
මම ඔබට එරෙහිව ජයග්‍රාහකයකු ගෙනෙන්නෙමි.
ඉශ්‍රායෙල්ගේ මහිමය
අදුල්ලාම් වෙත එනු ඇත.
16ඔබගේ සන්තෝෂය වන දරුවන් උදෙසා,
ශෝක වීමට ඔබේ හිස මුඩු කර කපා ගන්න.
ඔබ වෙතින් ඔවුන් පිටුවහල් කෙරෙන නිසා
ගිජු ලිහිණියක සේ මුඩු වන්න.

선택된 구절:

මීකා 1: SCV

하이라이트

공유

비교

복사

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요