හොෂෙයා 1

1
1යූදාහි රජවරුන් වූ උස්සියාගේ ද යෝතාම්ගේ ද ආහාස්ගේ හා හෙසකියාගේ ද පාලන දවස්හි දී, යෙහෝවාෂ්ගේ#1:1 යෙහෝවාෂ්ගේ හෙබ්‍ර්‍රෙව් යෝවාෂ් පුත් යෙරොබොවම් ඉශ්‍රායෙල් රජුගේ දවස්හි දී බෙයේරිගේ පුත් හොෂෙයා වෙත පැමිණි ස්වාමින්වහන්සේගේ වචනයයි මේ.
හොෂෙයාගේ බිරිඳ සහ දරුවෝ
2 ස්වාමින්වහන්සේ හොෂෙයා මගින් පළමුවෙන් කතා කරන්නට වන් කල, ස්වාමින්වහන්සේ ඔහු අමතමින්, “ගොස්, වේශ්‍යාවක් බිරිඳ කර ගන්න; වේශ්‍යා දරුවන් ලබා ගන්න. මන්ද ස්වාමින්වහන්සේ අත්හැර දැමීමෙන් දේශය නීච වේශ්‍යා-කර්මයේ වරදට වැටී ඇතැ” යි පැවසූ සේක. 3එබැවින් ඔහු, දිබ්ලායිම්ගේ දියණිය වූ ගොමෙර් බිරිඳ කර ගත්තේ ය. ඈ ගැබ් ගෙන, ඔහුට දාව පුතකු බිහි කළා ය.
4එවිට ස්වාමින්වහන්සේ ඔහු අමතා, “ඔහුට යෙස්රෙයෙල් යන නම තබන්න. මන්ද යෙස්රෙයෙල්හි ලේ වැගිරීම ගැන, යේහූගේ වංශයට මම ඉක්මනින් දඬුවම් කරන්නට යන්නෙමි. ඉශ්‍රායෙල් වංශයේ රාජධානිය ද මම කෙළවරක් කරන්නෙමි. 5ඒ දවසේ මම ඉශ්‍රායෙල්ගේ දුන්න, යෙස්රෙයෙල් මිටියාවතේදී බිඳ දමන්නෙමි” යි පැවසූ සේක.
6ගොමෙර් නැවත ගැබ් ගෙන, දියණියක බිහි කළා ය. එවිට, ස්වාමින්වහන්සේ ඔහු අමතමින්, “ඇයට ‘ලෝ-රුහාමා#1:6 ලෝ-රුහාමා එහි අරුත අනුකම්පා නො ලද්දී’ යන නම තබන්න. මන්ද තවදුරටත් ඉශ්‍රායෙල් වංශයට කමා වන්නට මම ඔවුන්ට අනුකම්පා නො කරමි; 7එසේ වුවත් යූදා වංශයට මම අනුකම්පා කරන්නෙමි. මම ඔවුන් මුදා ගන්නෙමි. එසේ කරන්නේ දුන්නෙන්වත්, කඩුවෙන්වත් සටනින්වත්, අශ්වයින් හෝ අසරුවන් මගින්වත් නො වේ; ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මගිනි” යි පැවසූ සේක.
8ලෝ-රුහාමාට කිරි දීම නැවතූ පසු, ඈ ගැබ් දරා, පුතකු බිහි කළා ය. 9එවිට ස්වාමින්වහන්සේ කතා කොට, “ඔහුට, ‘ලෝ-අම්මී#1:9 ලෝ-අම්මී එහි අරුත මගේ ජනයා නො වේ’ යන නම තබන්න. මන්ද නුඹලා මගේ ජනයා නො වේ. මම නුඹලාගේ දෙවියන්වහන්සේ නො වෙමි” යි කී සේක.
10එසේ වුව ද ඉශ්‍රායෙල්වරුන් ගණින්නට හෝ මනින්නට හෝ බැරි තරමට මුහුදු වෙරළේ වැලි මෙන් වනු ඇත. “නුඹලා මගේ ජනයා නො වේ” කියා ඔවුන්ට කියන ලද තැන්හි දී ම, “ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයින්” යයි ඔවුන් අමතනු ලබන්නේ ය. 11යූදා ජනයා හා ඉශ්‍රායෙල් ජනයා යළි එක්සත් කරනු ලබති; ඔවුහු තමන්ට එක් නායකයකු පත් කර ගන්නෝ දේශයෙන් නැගී එන්නෝ ය. මන්ද යෙස්රෙයෙල් දවස ශ්‍රේෂ්ඨ වනු ඇත.

선택된 구절:

හොෂෙයා 1: SCV

하이라이트

공유

비교

복사

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요