හග්ගයි 1

1
දේව මාලිගය ගොඩ නැගීමට අණ
1දාරෙයාවෙෂ්#1:1 දාරෙයාවෙෂ් ග්‍රීක් දාරියුස් රජුගේ දෙවන වසරේ, හය වන මස, එම මස පළමු දින, ස්වාමින්වහන්සේගේ වචනය දිවැසිවර හග්ගයි මගින්, ෂෙයල්තියෙල්ගේ පුත්, යූදාහි ආණ්ඩුකාර සෙරුබ්බාබෙල් වෙත හා යෙහෝසාදාක්ගේ පුත් උත්තම පූජක යෝෂුවා වෙත පැමිණියේ ය.
2සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “මේ ජනයා කියන්නේ, ‘ස්වාමින්වහන්සේගේ ගෘහය යළි ගොඩ නැංවීමේ කාලය තවම පැමිණ නැත’ කියා ය.”
3එවිට ස්වාමින්වහන්සේගේ වචනය දිවැසිවර හග්ගයි මගින් මෙසේ පැවසී ය: 4“එසේ නම් මේ ගෘහය ජරාවාස ව තිබියදී, පනේල ගැසූ ඔබේ නිවාසවල වාසයට දැන් ඔබට කාලය ද?”
5එබැවින් දැන් සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “නුඹලාගේ මාර්ග ගැන සැලකිල්ලෙන් සිතා බලනු. 6නුඹලා බොහොමයක් වැපුරූ නමුත්, ලද්දේ ස්වල්ප අස්වැන්නකි. නුඹලා අහර බුදින නමුත්, කිසි විටෙකත් සෑහීමට පත් නො වේ; නුඹලා පානය කරන නමුත්, කිසි විටෙක සංසිඳීමක් නැත. නුඹලා ඇඳුම් ඇඟලන නමුත්, උණුසුම නො ලැබේ. නුඹලා මුදල් උපයන්නේ, හිල් පසුම්බියක දමන්නට ය.”
7සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “එබැවින් නුඹලාගේ මාර්ග ගැන සැලකිල්ලෙන් සිතා බලනු. 8මා ප්‍රසන්න වී, ගෞරව මහිම ලබන පිණිස, කඳු නැග ගොස්, දැව අරගෙන ඇවිත්, ගෘහය ගොඩ නගන්නැ” යි ස්වාමින්වහන්සේ පවසන සේක. 9“නුඹලා බලාපොරොත්තු වූයේ බොහොමයකි. එහෙත් පෙනේ ද! ඒවා ස්වල්පයක් ව ඇති සැටි! නුඹලා ගෙදර ගෙනා දෑ මම පිඹ දැමීමි. ඒ ඇයි දැ?” යි සේනාංකවල ස්වාමින්වහන්සේ අසන සේක. “ඒ මන්ද යත්, මගේ ගෘහය ජරාවාස ව තිබියදී, නුඹලා හැම කෙනෙක් ම තම තමාගේ ගෙදර දුවන නිසා ය. 10එබැවින්, නුඹලා නිසා, අහස එහි පින්න දීමෙන් වැළකී සිටී. පොළොව එහි පලදාව දීමෙන් වැළකී සිටී. 11මම කෙත් වතු හා කඳු පිට ද ධාන්‍ය පිට ද අලුත් මිදි යුෂ, තෙල් හා භූමියෙන් නිපදවන දෑ පිට හා මිනිසා හා සතුන් ද ඔබේ දෑතේ සියලු කර්මාන්ත පිට ද ඉඩෝරයක් කැඳවීමි” යි පැවසූ සේක.
12එවිට ෂෙයල්තියෙල්ගේ පුත් සෙරුබ්බාබෙල් ද යෙහෝසාදාක්ගේ පුත් උත්තම පූජක යෝෂුවා ද ඉතිරි ස්වල්ප දෙනා වූ මුළු ජනතාව ද ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ කටහඬට හා දිවැසිවර හග්ගයිගේ වචනවලට කීකරු වූහ. මන්ද ඔහු එවන ලද්දේ, ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ විසිනි. මෙසේ ජනයා ස්වාමින්වහන්සේට භය පක්ෂපාතී වූහ.
13එවිට ස්වාමින්වහන්සේගේ පණිවුඩකරු වූ හග්ගයි, ස්වාමින්වහන්සේගේ පණිවුඩය ජනයාට පවසමින්, “ ‘මම ඔබ සමඟ වෙමි’ යි ස්වාමින්වහන්සේ පවසන සේකැ” යි කීවේ ය. 14එබැවින් ස්වාමින්වහන්සේ ෂෙයල්තියෙල්ගේ පුත් යූදාහි ආණ්ඩුකාර සෙරුබ්බාබෙල්ගේ ආත්මය ද යෙහෝසාදාක්ගේ පුත් උත්තම පූජක යෝෂුවාගේ ආත්මය ද ජනතාවගේ මුළු ඉතිරි ස්වල්පදෙනාගේ ආත්ම ද පෙලඹ වූ සේක. එවිට ඔවුහු අවුත්, ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන සේනාංකවල ස්වාමින්වහන්සේගේ ගෘහයේ වැඩ යළි ඇරඹූහ.
නව නිවස තුළ පොරොන්දු වී ඇති මහිමය
15ඒ, දාරෙයාවෙෂ් රජුගේ දෙවන වසරේ සවැනි මස විසිහතර වන දා ය.

선택된 구절:

හග්ගයි 1: SCV

하이라이트

공유

비교

복사

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요