ආමෝස් 8

8
ගිම්හාන පලතුරු කූඩය
1පරමාධිපති ස්වාමින්වහන්සේ මට පෙන්නුම් කළේ මෙයයි. මෙන්න! ගිම්හාන පලතුරු පැසක්. 2උන්වහන්සේ මා අමතමින්, “ඔබට පෙනෙන්නේ කුමක් ද ආමෝස් යැ” යි ඇසූ සේක.
“ගිම්හාන පලතුරු පැසකි” යි මම පිළිතුරු දුනිමි.
එවිට ස්වාමින්වහන්සේ මා අමතමින්, “මගේ ජනයා වන ඉශ්‍රායෙල්ගේ කාලය අවසන් ව#8:2 කාලය අවසන් ව හෙබ්‍රෙව් ගිම්හාන සහ අවසන් යන වචන බොහෝ දුරට සමාන ය. ඇත. නැවතත් මම ඔවුන්ට කමා නො කරන්නෙමි.
3“ඒ දවසේ දේව මාලිගයේ ගීතිකා, වැලපීමකට හැරෙනු ඇතැ” යි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක: “බොහොමයක් වූ මළ කඳන් ය! ඒවා හැම තැන විසිරී ඇත. නිහැඬියාව ය!”
4දුගියන් පාගා දමන,
දේශයේ දුප්පතුන් නැති-භංග කරන්නානනි, මේ අසනු!
5නුඹලා කියන්නේ,
“අපට ධාන්‍ය විකුණා ගන්නට
නව සඳ දවස ගෙවෙන්නේ කවදා ද?
තිරිඟු වෙළඳාම් කරන්නට
සබත් දවස ගෙවෙන්නේ කොයි වේලේ ද?”
ඒෆාව කුඩා කර, හොරට මැන,
ෂෙකෙල් මිල වැඩි කර,
හොර තරාදිවලින් වංචා කරන්නට.
6රිදීවලට දුප්පතුන් ද
පාවහන් සඟලකට අනාථයින් ද මිලට ගෙන,
බොල් හා පුහු සමඟ තිරිඟු විකුණන්නට.
7 ස්වාමින්වහන්සේ, යාකොබ්ගේ අභිමානය වන තමන් ගැන ම දිවුළ සේක්: “ඔවුන් කර ඇති කිසිවක්, කිසි විට මම අමතක නො කරමි.
8“මෙනිසා දේශයේ පොළොව සලිත නො වී තියේ ද?
එහි වෙසෙන සියල්ලන් නො වැලපී සිටී ද?
එවිට එහි ඇති සියල්ල නයිල් ජලය සේ ඉහළ නැග,
කලඹනු ලැබ, ඊජිප්තු ගංගාව සේ
යළි ගිලා බසිනු ඇතැ” යි පැවසූ සේක.
9පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කරන සේක:
“ඒ දවසේ, මම මද්දහනට හිරු බැස යන්නට සලස්වා,
මහ දහවල ම පොළොව අන්ධකාර කරවන්නෙමි.
10මම, නුඹලාගේ ආගමික මංගල්‍ය ශෝකවීමකට ද
නුඹලාගේ ගීතිකා වැලපීමකට ද හරවන්නෙමි.
නුඹලා සියල්ලන්ගේ ඉණට ගෝණි රෙදි හඳවා,
හැම හිසක් ම මුඩුකරවන්නෙමි.
එය එක ම පුතු ගැන වැලපෙන කාලයක් සේ වන්නට සලසමි.
එහි කෙළවර දුක්ඛිත දවසක් මෙන් වන්නේ ය.
11“මෙන්න! ඒ දවස් පැමිණේ” යි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ සේක.
“දේශය පිට මම සාගතයක් එවන්නෙමි.
එය, ආහාර අහේනියක් හෝ දිය පිපාසයක් හෝ වන සාගතයක් නො වේ;
ස්වාමින්වහන්සේගේ වචනය ඇසීමේ එකකි.
12ඔවුහු සයුරෙන් සයුරට එතෙර ව,
උතුරේ සිට නැගෙනහිරට ඉබාගාතෙ යමින්,
ස්වාමින්වහන්සේගේ වචනය සොයමින්, එහෙ මෙහෙ දුවනු ඇත.
එහෙත් එය ඔවුන්ට හමු නො වන්නේ ය.
13“ඒ දවසේ,
“මනහර කන්‍යාවියන් හා තරුණයින්
පිපාසිත ව ක්ලාන්ත වනු ඇත.
14සමාරියේ අපරාධය ගැන දිවුරන්නෝ
‘එම්බා දාන්! නුඹේ දෙවියා ජීවත් වන්නා සේ’ කියා හෝ
‘බෙයර්ෂෙබාගේ දෙවියා#8:14 බෙයර්ෂෙබාගේ දෙවියා ග්‍රීක් අනුව ය. හෙබ්‍ර්‍රෙව් බෙයර්ෂෙබාගේ මාර්ගය ජීවත් වන්නා සේ’ කියා කියන්නෝ වැටී යති;
කිසි දින යළි නො නැගිටිති.”

선택된 구절:

ආමෝස් 8: SCV

하이라이트

공유

비교

복사

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요