ආමෝස් 2

2
1 ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක:
“මෝවබ්ගේ අපරාධ තුනක් සහ හතරක් නිසා,
මම දඬුවම අහෝසි නො කරමි.
මන්ද, ඒදොම් රජුගේ ඇටකටු හුණු බවට පත් වන තුරු,
ඔවුන් ඒවා දවා දැමූ බැවිනි.
2මෝවබ් දේශය පිට මම ගිනි බස්ස වන්නෙමි.
කෙරියොත්හි බළකොටු එයින් ගිල දැමේ.
යුද්ධ-ගෝරනාඩු හා යුද්ධ හොරණෑ නාදය මැද්දේ,
මහ කෝලාහල අතරේ මෝවබ් මැරී යනු ඇත.
3මම එහි පාලකයා සිඳ දමන්නෙමි;
ඔහු සමඟ ඔහුගේ සියලු අධිපතීන් ද මරා දමන්නෙමි” යි
ස්වාමින්වහන්සේ පවසන සේක.
4 ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක:
“යූදාගේ අපරාධ තුනක් සහ හතරක් නිසා,
මම දඬුවම අහෝසි නො කරමි.
මන්ද, ඔවුන් ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කොට,
උන්වහන්සේගේ නියෝගයන්හි නො පැවතුණු බැවිනි;
ඔවුන්ගේ පියවරුන් අනුගමනය කළ බොරු දෙවිවරුන් විසින්
ඔවුන් ද නොමග යවා ඇත.
5යූදා පිට මම ගිනි බස්ස වන්නෙමි;
යෙරුසලමේ බළකොටු එයින් ගිල දැමේ.”
ඉශ්‍රායෙල් පිට විනිශ්චය
6 ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක:
“ඉශ්‍රායෙලයේ අපරාධ තුනක් සහ හතරක් නිසා,
මම දඬුවම අහෝසි නො කරමි.
මන්ද ඔවුහු ධර්මිෂ්ඨයින් රිදීවලට විකුණති;
පාවහන් සඟලක් නිසා දුප්පතුන් විකුණති.
7ඔවුහු පොළොවේ දූලි පාගන්නා සේ,
දුප්පතුන්ගේ හිස්-ගෙඩි පාගති;
පීඩිතවූවන්ගෙන් යුක්තිය වළකති.
පිය-පුතු දෙදෙනා ම එක කෙල්ලක වෙත එළැඹ,
මගේ ශුද්ධ නාමය කෙලෙසති.
8උගසට ගත් වස්ත්‍ර එළාගෙන,
ඔවුන් හැම පූජාසනයක් පසෙක ම දිගා වන්නේ ය;
දඩ වශයෙන් ලබා ගත් මිදි යුෂ
තම දෙවියන්ගේ ගෘහයේදී පානය කරන්නේ ය.
9“එහෙත්, ඔවුන් ඉදිරියෙන් අමෝරිවරුන් විනාශ කර දැම්මේ මා ය.
දේවදාර ගස මෙන් උසින් යුතු,
ආලෝන් කඳක් මෙන් සවියෙන් යුතු,
ඉහළින් පල ද පහළින් මුල් ද යන වශයෙන්
මම ඔවුන් විනාශ කළෙමි.
10තවද ඊජිප්තු දේශයෙන් පිටතට නුඹලා ගෙන ආවේත් මා ය.
අමෝරිවරුන්ගේ දේශය නුඹලා අත්කර ගන්නා පිණිස
හතළිස් වසරක් මම පාළුකරයේ නුඹලාට මග පෙන්වීමි.
11“තවද, මම නුඹලාගේ පුතුන් අතරින් දිවැසිවරුන් ද
නුඹලාගේ තරුණයින් අතරින් නසිරීයයන් ද නැගිටවීමි.
එය එසේ ම නො වේ ද ඉශ්‍රායෙල් ජනයිනි?” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
12“එහෙත් නසිරීයයන්ට අකැප මිදි යුෂ ඔවුනට බොන්නට සැලසූ නුඹලා,
නුඹලා දිවැස් වැකි නොපවසනුයි දිවැසිවරුන්ට නියෝග කළහ.
13“ධාන්‍ය පැට වූ රියක් තුළ වන තෙරපීම පරිදි ඔන්න!
මෙතැන දැන් මම නුඹලා තෙරපවන්නෙමි.
14ජව-වේග ඇත්තන් පලා යෑමේදී වැනසේ.
ශක්තිමත්වූවන්ට තම සවිය වඩවා ගත නො හැක;
ප්‍රබලයින් තම දිවි ගලවා නො ගනී.
15දුනුවායා නැගී සිටගන්නේ නැත.
ශීඝ්‍ර ගමන් හේවායා තමා ගලවා නො ගනී.
අසරුවා ද තම දිවි ගලවා ගන්නේ නැත.
16ප්‍රබලයින් අතරේ හදවතින් අභීතයින් පවා
ඒ දවසේ නිර්වස්ත්‍ර ව පලා දුවනු ඇතැ” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.

선택된 구절:

ආමෝස් 2: SCV

하이라이트

공유

비교

복사

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요