ආමෝස් 1

1
1තෙකෝවාහි එඬේරුන්ගෙන් කෙනකු වූ ආමෝස්ගේ වචනයයි මේ; යූදාහි රජු වූ උස්සියාගේ ද යෝවාෂ්ගේ පුත් ඉශ්‍රායෙල්හි රජු වූ යෙරොබොවම්ගේ ද දවස්හි, භූමිකම්පාවට දෙවසරකට පෙර, ඉශ්‍රායෙලය පිළිබඳ ඔහු දුටු දෑ මෙසේ පැවසේ.
2ඔහු මෙසේ පැවසී ය:
ස්වාමින්වහන්සේ සියොන් පුර සිට ගර්ජනා කරන සේක.
යෙරුසලමේ සිට ගිගුරුම් හඬ නගන සේක.
එවිට එඬේරුන්ගේ තණ බිම් වියළෙයි;
කර්මෙල් කඳු මුදුන කරවී යයි.”
අවට රාජ්‍යයනට එරෙහිව
3 ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක:
“දමස්කයේ අපරාධ තුනක් සහ හතරක් නිසා,
මම දඬුවම අහෝසි නො කරමි.
මන්ද ඔවුන් යකඩ කුළු-ගෙඩි බඳු
කුළුගෙඩිවලින් ගිලියාද් තළා දමා ඇත.
4එබැවින් හසායෙල්ගේ මාලිගය පිට මම ගිනි බස්ස වන්නෙමි;
බෙන්-හදද්ගේ බළකොටු එයින් ගිල දමනු ඇත.
5දමස්කයේ-පුර-දොරටු මම බිඳ හෙළන්නෙමි.
ආවෙන් මිටියාවතේ සිටින වැසියා ද
බෙත්-එදෙන්හි රාජ සෙංකෝලය දරන්නා ද මම සිඳ දමන්නෙමි.
අරාම්හි ජනයා කීර් වෙත පිටුවහල් කරනු ලබති” යි
ස්වාමින්වහන්සේ පවසන සේක.
6 ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක:
“ගාසාහි අපරාධ තුනක් සහ හතරක් නිසා,
මම දඬුවම අහෝසි නො කරමි.
මන්ද ඔවුන් මුළු ජන සමාජය ම පිටුවහල් කොට ගෙන ගොස්,
ඒදොම්ට පාවා දුන් බැවිනි.
7ගාසා පුර පවුරු පිට මම ගිනි බස්ස වන්නෙමි.
එයින් එපුර බළකොටු ගිල දැමේ.
8මම අෂ්දෝද් වෙතින් එහි වැසියා ද
අෂ්කෙලොන්හි රාජ සෙංකෝලය දරන්නා ද සිඳ දමන්නෙමි.
මම මගේ අත එක්‍රෝන්වරුන්ට එරෙහිව හරවන්නෙමි.
පිලිස්තිවරුන්ගේ ඉතිරි ස්වල්ප දෙනා වැනසී යනු ඇතැ” යි
පරමාධිපති ස්වාමින්වහන්සේ පවසන සේක.
9 ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක:
“තීර්හි අපරාධ තුනක් සහ හතරක් නිසා,
මම දඬුවම අහෝසි නො කරමි.
මන්ද ඔවුන් මුළු ජන සමාජය ම වහල්කමට ඒදොම්ට පාවා දුන් බැවිනි.
සහෝදරත්වයේ ගිවිසුම ද අමතක කළ බැවිනි.
10තීර් පුර පවුරු පිට මම ගිනි බස්ස වන්නෙමි.
එයින් එපුර බළකොටු ගිල දැමේ.”
11 ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක:
“ඒදොම්හි අපරාධ තුනක් සහ හතරක් නිසා,
මම දඬුවම අහෝසි නො කරමි.
මන්ද, ඔහු තම අසිපත ඔසවා, තම සහෝදරයා ලුහුබැඳි බැවිනි.
සියලු දයාවන් ඉවත දැමූ බැවිනි.
ඔහුගේ කෝපය නිරන්තර ව පැසවමින් ද
ඔහුගේ ක්‍රෝධය සදහට ඇවිළෙමින් ද තිබූ බැවිනි.
12තේමාන් පුර පවුරු පිට මම ගිනි බස්ස වන්නෙමි.
බොස්රා බළකොටු එයින් ගිල දැමේ.”
13 ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක:
“අම්මොන්ගේ අපරාධ තුනක් සහ හතරක් නිසා,
මම දඬුවම අහෝසි නො කරමි.
මන්ද, තම දේශ සීමා පුළුල් කර ගැනීමට
ඔහු ගිලියාද්හි ගැබිනි කාන්තා උදර ඉරා දැමූ බැවිනි.
14රබ්බාහි පුර පවුරු පිට මම ගිනි අවුලන්නෙමි.
එහි බළකොටු එයින් ගිල දැමෙන්නේ,
සංග්‍රාම දවසේ යුද්ධ-ගෝරනාඩු මැද්දේ ය;
කුණාටු දවසේ චණ්ඩ-සුළං මැද්දේ ය.
15ඔවුන්ගේ රජු ද ඔහු සමඟ ඔහුගේ අධිපතීන් ද
රටින් පිටුවහල් ව යනු ඇතැ” යි
ස්වාමින්වහන්සේ පවසන සේක.

선택된 구절:

ආමෝස් 1: SCV

하이라이트

공유

비교

복사

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요