1
මතෙව් 7:7
සිංහල කාලීන පරිවර්තනය
SCV
“ඉල්ලන්න; එවිට ඔබට දෙනු ලැබේ. සොයන්න; එවිට ඔබට සම්බ වේ. තට්ටු කරන්න; එවිට ඔබට දොර අරිනු ලැබේ.
比較
මතෙව් 7:7で検索
2
මතෙව් 7:8
මන්ද ඉල්ලන හැමට ලැබේ; සොයන්නාට සම්බ වේ; තට්ටු කරන්නාට අරිනු ලැබේ.
මතෙව් 7:8で検索
3
මතෙව් 7:24
“එබැවින් මගේ මේ වචන අසා, ඒවා ක්‍රියාවට නගන හැම කෙනෙක් ම, පර්වතය පිට තම ගෙය තැනූ නැණවතකුට සමාන ය.
මතෙව් 7:24で検索
4
මතෙව් 7:12
අන්‍යයන් ඔබට කෙලෙස සලකනවාට ඔබ කැමති ද, ඔබත් එලෙස ම ඔවුනට කරන්න. මන්ද ව්‍යවස්ථාවත්, දිවැසිවරුනුත් එයයි.
මතෙව් 7:12で検索
5
මතෙව් 7:14
මන්ද ජීවනයට දොරටුව කුඩා ය; මාවත පටු ය; එය සොයාගන්නේ ස්වල්ප දෙනෙක් ය.
මතෙව් 7:14で検索
6
මතෙව් 7:13
“පටු දොරටුවෙන් ඇතුළු වන්න. මන්ද විනාශය වෙත දිවෙන මාවත පළල් ය; එහි දොරටුව විසල් ය. එතුළින් ඇතුළු වන්නෝ බොහෝ ය.
මතෙව් 7:13で検索
7
මතෙව් 7:11
මෙසේ නපුරු වූ ඔබ, ඔබගේ දරුවන්ට හොඳ ත්‍යාග දෙන්නේ කෙසේදැයි දනී නම්, ස්වර්ගයේ සිටින ඔබගේ පියාණන්වහන්සේ තමන්ගෙන් ඉල්ලන්නන්ට ඊට වඩා කොපමණ හොඳ ත්‍යාග දෙන සේක් ද!
මතෙව් 7:11で検索
8
මතෙව් 7:1-2
“විනිශ්චය නො කරන්න; එවිට ඔබත් විනිශ්චය කරනු ලබන්නේ නැත. මන්ද ඔබ විනිශ්චය කරනු ලබන්නේ, ඔබ කරන විනිශ්චයෙන් ම ය. ඔබටත් මැන දෙනු ලබන්නේ, ඔබ මනින මිම්මෙන් ම ය.
මතෙව් 7:1-2で検索
9
මතෙව් 7:26
එහෙත් මගේ මේ වචන අසා ඒවා නො පිළිපදින හැම කෙනෙක් ම, වැල්ල මත තම ගෙය තැනූ මෝඩ මිනිසකුට සමාන ය.
මතෙව් 7:26で検索
10
මතෙව් 7:3-4
“ඔබේ ම ඇසේ ඇති ලී පතුර දෙස නො බලා, ඔබේ සහෝදරයාගේ ඇසේ ලී කුඩ්ඩ දෙස බලන්නේ ඇයි? ඔබේ ම ඇසේ ලී පතුරක් තිබියදී තම සහෝදරයාට, ‘ඔබේ ඇසේ ඇති ලී කුඩ්ඩ ඉවත් කරන්න ඉඩ දෙන්නැ’ යි කියන්නේ කෙසේ ද?
මතෙව් 7:3-4で検索
11
මතෙව් 7:15-16
“බොරු දිවැසිවරුන්ගෙන් පරෙස්සම් වන්න. ඔවුන් ඔබ වෙත එන්නේ බැටළු වෙසිනි. එහෙත් ඇතුළතින් ඔවුන් රුදුරු වෘකයින් ය. ඔබ ඔවුන් හැඳින ගනු ඇත්තේ ඔවුන්ගේ පලවලිනි. කටු පඳුරුවලින් මිදිවත්, කටුගස්වලින් අත්තික්කාවත් නෙළා ගත හැකි ද?
මතෙව් 7:15-16で検索
12
මතෙව් 7:17
එසේ ම හැම හොඳ ගසක ම, හොඳ පල හට ගැනේ; හැම නරක ගසක ම නරක පල හට ගැනේ.
මතෙව් 7:17で検索
13
මතෙව් 7:18
හොඳ ගසකට නරක පල දැරිය නො හැක. නරක ගසකට හොඳ පල දැරිය නො හැක.
මතෙව් 7:18で検索
14
මතෙව් 7:19
හොඳ පල නො දරන හැම ගසක් ම කපා හෙළා, ගින්නට ඇද දමනු ලැබේ.
මතෙව් 7:19で検索