1
ලූක් 6:38
සිංහල කාලීන පරිවර්තනය
SCV
දෙන්න; එවිට ඔබටත් දෙනු ලැබේ. තද කර ඔබා, සොලව සොලවා, පිරී ඉතිරී යන්නට ඔබේ ඔඩොක්කුවට මැන දෙනු ඇත. මන්ද ඔබ මනින මිම්මෙන් ම ඔබට ද මැන දෙනු ලැබේ.”
比較
ලූක් 6:38で検索
2
ලූක් 6:45
හොඳ මනුෂ්‍යයා, තම හදෙහි නිදන්ගත හොඳ දැයින්, හොඳ දෑ උපද්දයි; නපුරු මිනිසා තම හදෙහි නිදන්ගත නපුරෙන්, නපුර උපද්දයි. මන්ද ඔහුගේ කටින් පිට වන්නේ, ඔහුගේ හදවතින් පිටාර ගලන දෙයිනි.
ලූක් 6:45で検索
3
ලූක් 6:35
එනමුත් ඔබේ සතුරනට ප්‍රේම කරන්න; යහපත ම කරන්න. කිසිවක් ආපසු ගන්නා අදහසක් නැතිව ණයට දෙන්න. එවිට ඔබේ ඉටු විපාකය අනර්ඝ වනු ඇත. ඔබ මහෝත්තමයාණන්ගේ පුත්‍රයින් වනු ඇත. මන්ද කළගුණ දන්නේ නැතිවුන්ට හා දුෂ්ටයින්ට උන්වහන්සේ කාරුණික ය.
ලූක් 6:35で検索
4
ලූක් 6:36
ඔබේ පියාණන්වහන්සේ දයාවන්ත ව සිටින්නා සේ ඔබත් දයාවන්ත වන්න.
ලූක් 6:36で検索
5
ලූක් 6:37
“විනිශ්චය නො කරන්න; එවිට ඔබත් විනිශ්චය කරනු නො ලැබේ. වරදට පත් නො කරන්න; එවිට ඔබත් වරදට පත් කරනු නො ලැබේ. කමාව දෙන්න; එවිට ඔබටත් කමා කරනු ලැබේ.
ලූක් 6:37で検索
6
ලූක් 6:27-28
“මට සවන් දෙන ඔබට මා කියන්නේ, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න; ඔබට වෛර කරන්නන්ට යහපත කරන්න. ඔබට ශාප කරන්නන්ට සෙත් පතන්න. ඔබට ගැරහුම් කරන්නන් උදෙසා යාච්ඤා කරන්න.
ලූක් 6:27-28で検索
7
ලූක් 6:31
අන්‍යයන් ඔබට කෙලෙස සලකනවාට ඔබ කැමති ද ඔබත් එලෙස ම ඔවුනට කරන්න.
ලූක් 6:31で検索
8
ලූක් 6:29-30
යමෙක් ඔබේ එක් කම්මුලකට ගැහුවොත්, අනෙකත් හරවන්න. යමෙක් ඔබේ උඩු කබාය ගතහොත්, ඔබේ යටි කබායත් ගන්නට දෙන්න. ඔබෙන් ඉල්ලන හැම කෙනකුට දෙන්න. යමෙක් ඔබ සතු දේ පැහැර ගතහොත් ඒවා ආපසු නො ඉල්ලන්න.
ලූක් 6:29-30で検索
9
ලූක් 6:43
“හොඳ ගසක නරක පල හට ගන්නේ නැතිවා සේ, නරක ගසක හොඳ පල හට ගන්නේ නැත.
ලූක් 6:43で検索
10
ලූක් 6:44
එක එක ගස හැඳින ගන්නේ එහි පලවලිනි. කටුගස්වලින් අත්තික්කාවත්, ගොකටු පඳුරකින් මිදි පලවත් නෙළා ගන්නට බැරි ය.
ලූක් 6:44で検索