1
ලූක් 13:24
සිංහල කාලීන පරිවර්තනය
SCV
“පටු දොරෙන් ම ඇතුළු වන්නට වෙර දරන්න. මන්ද මා ඔබට කියන්නේ, බොහෝ දෙනකු ඇතුල් වන්නට සොයන නමුත් නො හැකි වනු ඇත කියායි.
比較
ලූක් 13:24で検索
2
ලූක් 13:11-12
අවුරුදු දහඅටක් ආබාධිත ආත්මයක බලපෑමට හසු වූ ස්ත්‍රියක් ද එහි වූවා ය. කුදු ගැසුණු ඇයට කිසි සේත් කෙළින් විය නො හැකි විය. යේසුස්වහන්සේ ඇය දැක, ඉදිරියට කැඳවා, “ස්ත්‍රිය, ඔබේ ආබාධයෙන් ඔබ මිදුණා” යි පවසා
ලූක් 13:11-12で検索
3
ලූක් 13:13
ඇය මත අත් තැබූ සේක. එකෙණෙහි ම ඈ කෙළින් වී, සිටගෙන, දෙවියන්වහන්සේට ප්‍රශංසා කළා ය.
ලූක් 13:13で検索
4
ලූක් 13:30
සැබවින් ම, දැන් අන්තිමයින් වන ඇතමෙක් ප්‍රථමයින් ද දැන් ප්‍රථමයින් වන ඇතමෙක් අන්තිමයින් ද වනු ඇතැ” යි පැවසූ සේක.
ලූක් 13:30で検索
5
ලූක් 13:25
ගෙදර ස්වාමියා නැගිට, දොර වැසූ පසු, ඔබ පිටත සිට දොරට තට්ටු කරමින්, ‘ස්වාමිනි, අපට දොර අරින්නැ’ යි කියනු ඇත. “එවිට එතුමා පිළිතුරු දෙමින්, ‘ඔබ කොහේ සිට ආවා ද කියා මා දන්නේ නැතැ’ යි කියනු ඇත.
ලූක් 13:25で検索
6
ලූක් 13:5
නෑ, එසේ නො වේ; මා ඔබට කියන්නේ, පසුතැවිලි නො වූවොත් ඔබ හැමත් එලෙස විනාශ වන බව යැ” යි පැවසූ සේක.
ලූක් 13:5で検索
7
ලූක් 13:27
“එහෙත්, එතුමන් පිළිතුරු දෙමින්, ‘මා ඔබට කියන්නේ, නුඹලා කොහි සිට ආවාදැයි මා දන්නේ නෑ. අධර්මිෂ්ඨකම් කරන සියල්ලෙනි, මා වෙතින් බැහැර ව යනු’ කියා කියනු ඇත.
ලූක් 13:27で検索
8
ලූක් 13:18-19
එබැවින් උන්වහන්සේ කතා කරමින්, “දෙවියන්වහන්සේගේ රාජ්‍යය කුමකට සමාන ද? මම එය කුමකට උපමා කරම් ද? මිනිසකු විසින් තම ගෙවත්තේ දමන ලද අබ ඇටයකට එය සමාන ය. එය පැළවී, වැඩී, ගසක් බවට පත් වුණි. අහස් කුරුල්ලෝ එහි අතුවල කැදලි තනා ගත්හ” යි පැවසූ සේක.
ලූක් 13:18-19で検索