1
එළිදරව්ව 11:15
Sinhala New Revised Version 2018
SNRV
සත් වන දේව දූතයා ද හොරණෑව පිම්බේ ය. එවිට: “ලෝකයේ රාජත්වය අපගේ සමිඳාණන් වහන්සේට ද උන් වහන්සේගේ ආලේප ලත් ක්‍රිස්තුන් වහන්සේට ද අත් විය. උන් වහන්සේ සදහට ම රජකම් කරන සේකැ”යි කියන මහ ශබ්ද ස්වර්ගයෙහි විය.
Compara
Explorar එළිදරව්ව 11:15
2
එළිදරව්ව 11:18
මනුෂ්‍ය ජාතීහු කෝපාවිෂ්ට වූ හ. ඔබගේ උදහස ද මළවුන් විනිශ්චය කිරීමේ කාලය ද දැන් පැමිණ තිබේ. ඔබගේ සේවක දිවැසිවරයන්ට හා සැදැහැවතුන්ට ද ඔබගේ නාමයට භය වන ලොකු කුඩා සියල්ලන්ට ද විපාක දීමටත් පොළොව වනසන්නන් වැනසීමටත් කාලය පැමිණ තිබේ.”
Explorar එළිදරව්ව 11:18
3
එළිදරව්ව 11:3
තවද මාගේ සාක්ෂිකාරයන් දෙදෙනා යවන්නෙමි. ඔව්හු ගෝණි රෙදි හැඳ, එක් දහස් දෙසිය සැට දවසක් දිවැස් වැකි කියන්නෝ ය”යි මට කියන ලදී.
Explorar එළිදරව්ව 11:3
4
එළිදරව්ව 11:11
ඒ දවස් තුනහමාරට පසු දෙවියන් වහන්සේ කෙරෙන් ජීවන හුස්ම ඔවුන් තුළට පැමිණි විට ඔව්හු නැඟිට සිටියෝ ය. ඔවුන් දුටු අය බොහෝ සේ බියපත් වූ හ.
Explorar එළිදරව්ව 11:11
5
එළිදරව්ව 11:6
තමන් දිවැස් වැකි පවසන කාලයේ දී වැසි නොවසින ලෙස අහස් තලය වසන්නට මොවුන්ට බලය ඇත. ජලය ලේ කිරීමටත්, සියලු වසංගතවලින් පොළොවට කැමැති විටක පහර දීමටත් ඔවුන්ට බලය ඇත.
Explorar එළිදරව්ව 11:6
6
එළිදරව්ව 11:4-5
මේ දෙදෙනා පොළොවේ සමිඳාණන් වහන්සේ ඉදිරිපිට තිබෙන ඔලීව ගස් දෙක ද පහන් රුක් දෙක ද වෙයි. යමෙක් ඔවුන්ට අනතුරු කරන්නට සිතන්නේ නම්, ඔවුන්ගේ කටින් ගිනි නික්ම විත් ඔවුන්ගේ සතුරන් විනාශ කරයි. ඔවුන්ට අනතුරු කරන්නට සිතන තැනැත්තේ, මෙලෙස මරනු ලබන්නේ ය.
Explorar එළිදරව්ව 11:4-5