1
ශුද්ධවර මාක් 5:34
Sinhala New Revised Version 2018
SNRV
උන් වහන්සේ කතා කරමින්, “දියණියනි, ඔබේ ඇදහිල්ල ඔබ සුවපත් කෙළේ ය; ශාන්ත සිතින් යන්න; ඔබේ පීඩාවෙන් මිදී වසන්නැ”යි ඈට වදාළ සේක.
Compara
Explorar ශුද්ධවර මාක් 5:34
2
ශුද්ධවර මාක් 5:25-26
දොළොස් වසරක් ම මහා ලේ රෝගයෙන් පෙළුණු ස්ත්රියක් එහි වූවා ය. ඈ බොහෝ වෙදුන් අතින් අපමණ දුක් විඳ, තමා සතු සියල්ල වියදම් කොටත්, කිසි ගුණයක් නොලැබුවා ය. එපමණක් නොව ඇගේ තත්ත්වය අනුක්රමයෙන් වඩ වඩාත් උග්ර විය.
Explorar ශුද්ධවර මාක් 5:25-26
3
ශුද්ධවර මාක් 5:29
එකෙණෙහි ම ලේ ධාරාව නැවතී ඒ පීඩාවෙන් ඈට සුවය ලැබුණු බව ඇගේ ම ඇඟට දැනිණි.
Explorar ශුද්ධවර මාක් 5:29
4
ශුද්ධවර මාක් 5:41
ඇය අතින් අල්ලා, “තලිතාකුමි”යි ඈට වදාළ සේක. එහි අර්ථය: “දැරිය, මම ඔබට කියමි, නැඟිටින්න” යනු ය.
Explorar ශුද්ධවර මාක් 5:41
5
ශුද්ධවර මාක් 5:35-36
උන් වහන්සේ මෙවදන් පවසත්ම ධර්මශාලා නායකයාගේ ගෙදරින් සමහරු අවුත්, “ඔබේ දුව මළා ය. ඉතින් ගුරුදේවයන් තවත් වෙහෙසන්නේ කුමට දැ”යි කී හ. එහෙත්, ජේසුස් වහන්සේ ඒ කීම නොසලකා ධර්මශාලා නායකයාට කතා කොට, “බිය නොවන්න, ඇදහිල්ල ඇති ව සිටින්නැ”යි වදාළ සේක.
Explorar ශුද්ධවර මාක් 5:35-36
6
ශුද්ධවර මාක් 5:8-9
එසේ කීවේ “අශුද්ධාත්මය, මේ මිනිසාගෙන් දුරුවෙව”යි උන් වහන්සේ ඔහුට කී බැවිනි. “නුඹේ නම කුමක් දැ”යි උන් වහන්සේ ඔහුගෙන් ඇසූ සේක. “මගේ නම සේනා ය, අපි සේනාංකයක් වම්හ”යි ඔහු කී ය.
Explorar ශුද්ධවර මාක් 5:8-9