1
ශුද්ධවර මතෙව් 26:41
Sinhala New Revised Version 2018
SNRV
ඔබ පරික්ෂාවට නොවැටෙන පිණිස අවදි ව සිට යාච්ඤා කරන්න. හිත නම් කැමැති ය; ගත නම් දුබල ය”යි වදාළ සේක.
Compara
Explorar ශුද්ධවර මතෙව් 26:41
2
ශුද්ධවර මතෙව් 26:38
එකල උන් වහන්සේ ඔවුන් අමතමින්, “මැරෙන තරමට මාගේ සිත අතිශයින් ශෝකාන්විත ය. ඔබ මෙහි නැවතී මා සමඟ අවදි ව ඉන්නැ”යි වදාළ සේක.
Explorar ශුද්ධවර මතෙව් 26:38
3
ශුද්ධවර මතෙව් 26:39
උන් වහන්සේ මඳක් ඉදිරියට ගොස් මුණින් වැටී, “අහෝ මාගේ පියාණෙනි, හැකි නම් මේ කුසලාන මා කෙරෙන් පහ කළ මැනව. එහෙත්, මා කැමැති ලෙස නොව, ඔබ කැමැති ලෙස වේ වා”යි යාච්ඤා කළ සේක.
Explorar ශුද්ධවර මතෙව් 26:39
4
ශුද්ධවර මතෙව් 26:28
“ඔබ සියල්ලෝ ම මෙයින් පානය කරන්න. මෙය පව් කමාව පිණිස බොහෝ දෙනා උදෙසා වගුරුවනු ලබන මාගේ ගිවිසුම් රුධිරය වේ.
Explorar ශුද්ධවර මතෙව් 26:28
5
ශුද්ධවර මතෙව් 26:26
ඔවුන් කෑම කමින් සිටිය දී ජේසුස් වහන්සේ පූප ගෙන ආශීර්වාදය පවසා ඒවා කඩා ශ්‍රාවකයන්ට දී, “රැගෙන වළඳන්න, මේ මාගේ ශරීරය”යි වදාළ සේක.
Explorar ශුද්ධවර මතෙව් 26:26
6
ශුද්ධවර මතෙව් 26:27
උන් වහන්සේ කුසලානක් ද ගෙන තුති පුදා ඔවුන්ට දී
Explorar ශුද්ධවර මතෙව් 26:27
7
ශුද්ධවර මතෙව් 26:40
උන් වහන්සේ ශ්‍රාවකයන් වෙත අවුත් ඔවුන් නිදා හිඳිනු දැක, පේදුරුට කතා කොට, “සැබැවින් ම මා සමඟ එක පැයක් වත් අවදි ව ඉන්න ඔබට බැරිවුණා ද?
Explorar ශුද්ධවර මතෙව් 26:40
8
ශුද්ධවර මතෙව් 26:29
මාගේ පියාණන්ගේ රාජ්‍යයෙහි දී මා ඔබ සමඟ අලුත් මිදියුස පානය කරන දවස එන තුරු මෙතැන් පටන් මේ මිදියුස තවත් නොබොන්නෙමි යි ඔබට කියමි”යි වදාළ සේක.
Explorar ශුද්ධවර මතෙව් 26:29
9
ශුද්ධවර මතෙව් 26:75
“කුකුළා හඬලන්න පළමු ඔබ මා හඳුනන්නේ නැත කියා තුන් වරක් කියනු ඇතැ”යි ජේසුස් වහන්සේ වදාළ වචනය සිහි කොට පේදුරු පිටතට ගොස් ඉකි බිඳිමින් හැඬී ය.
Explorar ශුද්ධවර මතෙව් 26:75
10
ශුද්ධවර මතෙව් 26:46
නැඟිටින්න, අපි යමු. අන්න, මා පාවා දෙන්නා ඉතා ළඟ ය”යි වදාළ සේක.
Explorar ශුද්ධවර මතෙව් 26:46
11
ශුද්ධවර මතෙව් 26:52
එවිට ජේසුස් වහන්සේ කතා කොට, “ඔබගේ කඩුව කොපුවේ දමන්න, කඩු ගන්නා සියල්ලෝ ම කඩුවෙන් ම නසිති.
Explorar ශුද්ධවර මතෙව් 26:52