1
හෙබ්‍රෙව් 2:18
Sinhala New Revised Version 2018
SNRV
උන් වහන්සේ ම පරීක්ෂා කරනු ලැබ, දුක් වින්ද බැවින්, පරීක්ෂා කරනු ලබන්නන්ට සරණ වීමට උන් වහන්සේට පිළිවන.
Compara
Explorar හෙබ්‍රෙව් 2:18
2
හෙබ්‍රෙව් 2:14
එහෙයින් පවුලේ සියලු දරුවන්ට එක ම මාංසයත් රුධිරයත් පොදුවේ ඇතිවා සේ ම උන් වහන්සේත් එම මිනිස් ස්වභාවයට පංගුකාර වූ සේක. එසේ කෙළේ මරණය කෙරෙහි බලය ඇත්තා වන යක්ෂයා මරණය මඟින් විනාශ කොට
Explorar හෙබ්‍රෙව් 2:14
3
හෙබ්‍රෙව් 2:1
එබැවින් අප ඇසූ ඉගැන්වීම්වලින් ඈත් ව නොයන පිණිස ඒවා ගැන ඔබ වඩා සැලකිල්ලක් දැක්විය යුතු ය.
Explorar හෙබ්‍රෙව් 2:1
4
හෙබ්‍රෙව් 2:17
එබැවින් ජනතාවගේ පව් කමා කිරීමට දෙවියන් වහන්සේගේ සේවයෙහි දයාන්විත, විශ්වාසවන්ත උත්තම පූජකයෙකු වන පිණිස, හැම අතින් ම සිය සහෝදරයන් හා සමාන වන්නට උන් වහන්සේට යුතු ව තිබිණි.
Explorar හෙබ්‍රෙව් 2:17
5
හෙබ්‍රෙව් 2:9
එහෙත් අපට පෙනෙන්නේ, දේව දූතයන්ට වඩා මඳක් පහත් කරනු ලැබූ නමුත්, දිවි පිදූ නිසා, තේජස හා ගෞරවය නමැති කිරුළ පැළඳ සිටින ජේසුස් වහන්සේ ය. එසේ වූයේ දෙවියන් වහන්සේගේ කරුණාවෙන් සියල්ලන් උදෙසා දිවි පුදන නිසා ය.
Explorar හෙබ්‍රෙව් 2:9