1
උත්පත්ති 37:5
Sinhala New Revised Version
NRSV
ජෝසෙප් සිහිනයක් දැක, තම සොහොයුරන්ට එය කීවේ ය. ඒ නිසා ඔව්හු ඔහුට වඩ වඩාත් වෛර කරන්නට වන්හ.
Compara
Explorar උත්පත්ති 37:5
2
උත්පත්ති 37:3
ඉශ්රායෙල් තම දරුවන් සියල්ලන්ට ම වඩා ජෝසෙප්ට ප්‍රේම කෙළේ ය. මන්ද, ඔහු තම මහලු වියේ ලත් පුත්‍රයා බැවිනි. ඒ නිසා ඔහු ජෝසෙප්ට අත් ඇති, දිග විශේෂ ඇඳුමක් සාදා දුනි.
Explorar උත්පත්ති 37:3
3
උත්පත්ති 37:4
ඔවුන්ගේ පියා, ඔවුන් සියල්ලන්ට ම වඩා ජෝසෙප්ට ප්‍රේම කරන බව දැක ඔහුගේ සහෝදරයෝ ඔහුට වෛර කළහ. එබැවින් ඔහු සමඟ මිත්‍ර ලීලාවෙන් කතා කිරීමට ඔවුන්ට නොහැකි විය.
Explorar උත්පත්ති 37:4
4
උත්පත්ති 37:9
තවද, ඔහු තවත් සිහිනයක් දැක, එය ද තම සොහොයුරන්ට දන්වමින්, “මේ අහන්න, මම තවත් සිහිනයක් දිටිමි. පුදුමයකි, ඉර, හඳ හා තාරකා එකොළහක් මට නැමී ආචාර කෙළේ ය”යි කී ය.
Explorar උත්පත්ති 37:9
5
උත්පත්ති 37:11
ඔහුගේ සහෝදරයෝ ඔහුට ඊර්ෂ්‍යා කළහ. එහෙත් ඔහුගේ පියා, ඔහු කියූ කරුණ සිතේ තබාගත්තේ ය.
Explorar උත්පත්ති 37:11
6
උත්පත්ති 37:6-7
ඔහු ද ඔවුන්ට කතා කොට, “කරුණාකර, මා දුටු සිහිනයට ඇහුම්කන් දෙන්න. මෙන්න, අපි කෙතෙහි ගොයම් මිටි බඳිමින් සිටියෙමු. එවිට, පුදුමයකි, මාගේ ගොයම් මිටිය නැඟිට කෙළින් සිටියේ ය. ඔබ හැමගේ ගොයම් මිටි, එය වටේට සිටගෙන, මාගේ ගොයම් මිටියට නැමී ආචාර කෙළේ ය”යි කීවේ ය.
Explorar උත්පත්ති 37:6-7
7
උත්පත්ති 37:20
දැන් ඉතින් වරෙල්ලා, අපි ඔහු මරා වළකට දමා, ‘මොකෙක් හරි නපුරු වන සතෙක් ඔහු කාදැමුවේ ය’යි කියමු. එවිට ඔහුගේ සිහිනවලට සිදුවන දේ බලමු”යි කතා කරගත්හ.
Explorar උත්පත්ති 37:20
8
උත්පත්ති 37:28
මිදියන් ජාතික වෙළෙඳුන් ඔවුන් අසලින් යන කල, ඔව්හු ජෝසෙප් වළෙන් ගොඩට ගෙන, ඉෂ්මායෙල්වරුන්ට රිදී කාසි විස්සකට වික්කෝ ය. ඔව්හු ද ජෝසෙප් මිසරයට ගෙනාහ.
Explorar උත්පත්ති 37:28
9
උත්පත්ති 37:19
ඔව්හු එකිනෙකා අමතමින්, “ඔය එන්නේ ස්වප්නකාරයා.
Explorar උත්පත්ති 37:19
10
උත්පත්ති 37:18
ඔහුගේ සහෝදරයෝ ඔහු දුර සිට දුටු හැටියේ ම, ඔවුන් වෙත එන්නටත් පෙර, ඔහු මරාදැමීමට කුමන්ත්‍රණය කළහ.
Explorar උත්පත්ති 37:18
11
උත්පත්ති 37:22
තවදුරටත් ඔහු ඔවුන්ට කතා කොට, “ලේ බිඳක් නොහළා, පාළු තැන්නේ ඇති මේ වළට අපි ඔහු විසිකර දමමු. ඔහුට නම් අත නොතබන්නැ”යි කීවේ ය. ඔහු මෙසේ කීවේ ඔවුන්ගෙන් ඔහු බේරාගෙන, තම පියාට නැවත ඔහු මුදා දෙන පිණිස ය.
Explorar උත්පත්ති 37:22