ලෙවී 2
2
ධාන්‍ය පූජා
1“ ‘යමෙක් ස්වාමින්වහන්සේට ධාන්‍ය පූජාවක් ගෙනෙන කල, ඔහුගේ පූජාව, සිහින් පිටිවලින් විය යුතු ය. ඔහු ඊට තෙල් වත් කොට, කට්ටකුමංජල්#2:1 කට්ටකුමංජල් එනම් සුවඳ ද්‍රව්‍ය හෝ තුවරලා ද එක් කළ යුතු ය. 2ඉන්පසු එය ආරොන්ගේ පුත්‍රයින් වූ පූජකයින් වෙත ගෙන යා යුතු ය. පූජකයා සිහින් පිටි අහුරක් හා තෙල් සමඟ කට්ටකුමංජල් සියල්ල ගෙන, ස්වාමින්වහන්සේට මිහිරි සුවඳක් වන ගින්නෙන් යාග කරන ලද සිහි කිරීමේ පංගුව වශයෙන්, පූජාසනය මත එය දවාලිය යුතු ය. 3ධාන්‍ය පූජාවේ ඉතිරි කොටස ආරොන්ටත්, ඔහුගේ පුතුන්ටත් අයිති ය. එය ස්වාමින්වහන්සේට ගින්නෙන් පිදූ පූජාවලින් අතිශුද්ධ කොටසක් වෙයි.
4“ ‘උදුනේ පිලිස්සූ දෙයින් ඔබ ධාන්‍ය පූජාවක් ගෙනෙන්නේ නම්, ඒවා මුහුන් නොමැතිව, තෙල් මුහු කොට, සිහින් පිටියෙන් තැනූ රොටි හෝ මුහුන් නොමැතිව සිහින් පිටියෙන් තනා, තෙල් ගැල්වූ සිහින් කැවිලි හෝ විය යුතු ය. 5ඔබගේ ධාන්‍ය පූජාව, කබලක බදින ලද එකක් නම්, එය තෙල් මුහු කොට, මුහුන් නො යොදා, සිහින් පිටියෙන් තැනූවක් විය යුතු ය. 6එය කැබලි කර, ඒ මත තෙල් වත් කරන්න. එය ධාන්‍ය පූජාවකි. 7ඔබගේ ධාන්‍ය පූජාව, තාච්චියක පිසින ලද්දක් නම්, එය සිහින් පිටියෙන්, තෙලින් පිසින ලද්දක් විය යුතු ය. 8එකී අයුරකින් පිළියෙල කළ ධාන්‍ය පූජා ස්වාමින්වහන්සේ වෙත ගෙනවුත්, පූජකයාට පිළිගැන්විය යුතු ය; ඔහු එය පූජාසනය ළඟට ගෙන ආ යුතු ය. 9තවද ධාන්‍ය පූජාවේ සිහි කිරීමේ පංගුව ගෙන, ස්වාමින්වහන්සේට මිහිරි සුවඳක් ව, ගින්නෙන් කරන යාගයක් වශයෙන් පූජාසනය මත දවාලිය යුතු ය. 10ධාන්‍ය පූජාවේ ඉතිරි කොටස ආරොන්ටත්, ඔහුගේ පුතුන්ටත් අයිති ය. එය ස්වාමින්වහන්සේට ගින්නෙන් පිදූ පූජාවලින් අතිශුද්ධ කොටසක් වෙයි.
11“ ‘ස්වාමින්වහන්සේ වෙත ඔබ ගෙනෙන කවර ධාන්‍ය පූජාවක් වුව පිළියෙල කළ යුත්තේ මුහුන් නොමැතිව ය. මන්ද ස්වාමින්වහන්සේට ගින්නෙන් කරන පූජාවකදී මුහුන් හෝ මී පැණි හෝ නො දැවිය යුතු බැවිනි. 12නාඹුල් පල පුද-පූජාවක් වශයෙන් ඔබට ඒවා ස්වාමින්වහන්සේ වෙත ගෙන ආ හැකි ය. එහෙත් ඒවා පූජාසනය මත මිහිරි සුවඳක් ව පූජා කළ නො හැක. 13ඔබේ සියලු ධාන්‍ය පූජා, ලුණු දමා රස ගන්වන්න. ඔබේ දෙවියන්වහන්සේගේ ගිවිසුමේ ලුණු, ඔබේ ධාන්‍ය පූජාවලින් තොර නො වන පරිදි, ඔබේ හැම ධාන්‍ය පූජාවකට ම ලුණු එක් කරන්න.
14“ ‘නාඹුල් පලවලින් ඔබ ස්වාමින්වහන්සේට ධාන්‍ය පූජාවක් ගෙනෙන්නේ නම්, අලුත් කරල් බැද, පොඩිකර, පූජා කළ යුතු ය. 15ඊට තෙල් හා කට්ටකුමංජල් එක් කරන්න. එය ධාන්‍ය පූජාවකි. 16පූජකයා ස්වාමින්වහන්සේට ගින්නෙන් කළ පූජාවක් වශයෙන් එම පොඩි කළ ධාන්‍ය සිහි කිරීමේ පංගුව, තෙල් ද කට්ටකුමංජල් සියල්ල ද සමඟ දවාලිය යුතු ය.
موجودہ انتخاب:
ලෙවී 2: SCV
سرخی
کاپی
موازنہ
شئیر
کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.