යෝෂුවා 16
16
එප්‍රායිම් හා මනස්සේ සඳහා වෙන් වූ කොටස්
1යෝසෙප් සඳහා වෙන් වූ කොටස, යෙරිකෝව ළඟ යොර්දානෙන්, යෙරිකෝ ජලයට නැගෙනහිරින් කාන්තාරය තුළට ද යෙරිකෝවේ සිට බෙතෙල් කඳුරට දක්වා ද විය. 2එතැනින් බෙතෙල් සිට ලූස් දක්වා ගොස්, අර්කිවරුන්ගේ දේශය වන අටාරොත් පසු කර, 3එතැනින් එය බටහිර දෙසට, යෆ්ලේටීවරුන්ගේ දේශය ඈතට පහළ බෙත්-හෝරෝන් දේශය තෙක් බැස, එතැනින් ගෙසෙර්ට ද ගොස්, මුහුද ළඟදී කෙළවර විය.
4යෝසෙප් ජනයා වන මනස්සේ සහ එප්‍රායිම් ඔවුන්ගේ උරුමය ලැබූහ.
5පෙළපත් වශයෙන් එප්‍රායිම් ජනයාගේ භූමි ප්‍රදේශය මෙසේ ය:
නැගෙනහිරට ඔවුන්ගේ උරුමයේ දේශ සීමාව අටාරොත්-අද්දාර් පටන්, ඉහළ බෙත්-හෝරෝන් දක්වාත්, 6දේශ සීමාව එතැන් සිට මුහුද දක්වාත් දිවෙයි. උතුරින් මික්මෙතාත් ය. එතැන් සිට නැගෙනහිරට දේශ සීමාව තානත්-ෂීලෝ දෙසට හැරී, දිගට ම එය පසු කර, ඊට එපිටින් නැගෙනහිරට යානෝවාට ගොස්, 7එතැනින් එය යානෝවා වෙතින් අටාරොත් සහ නාරා දක්වා පහළට ගොස්, යෙරිකෝව සමීපයෙන් යොර්දානයෙන් කෙළවර විය. 8තප්පූවා සිට දේශ සීමාව බස්නාහිරට කානා ඔයට ගොස්, මුහුද ළඟදී කෙළවර විය. පෙළපත් වශයෙන් එප්‍රායිම් ගෝත්‍ර වංශික උරුමය එයයි.
9තවද මනස්සේගේ උරුමය තුළ එප්‍රායිම්වරුන්ට වෙන් කර දෙන ලද නගර, ඊට ඇතුළත් නගර සහ ඒවායේ ගම්මානත් වේ.
10කෙසේ වෙතත් ඔවුන් ගෙසෙර්හි විසූ කානානිවරුන් පන්නා දැමුවේ නැත; එබැවින් කානානිවරුන් අද දක්වාත් එප්‍රායිම් ජනයා අතරේ වාසය කරන්නේ වුව ද ඔවුහු බර වැඩ සඳහා යොදා ගනිති.
موجودہ انتخاب:
යෝෂුවා 16: SCV
سرخی
کاپی
موازنہ
شئیر
کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.