නික්මයාම 37
37
ගිවිසුම් කරඬුව
1බෙසලෙල්, අකේෂියා ලීයෙන් කරඬුව සෑදී ය. එය දිගින්, රියන් දෙකහමාරකි; පළලින්, රියන් එකහමාරකි; උසින්, රියන් එකහමාරකි. 2එහි ඇතුළු පැත්ත හා පිට පැත්ත අමිශ්‍ර රනින් වැසූ ඔහු, ඒ වටා රන් ලීස්තරයක් සෑදී ය. 3ඊට රන් වළලු හතරක් වාත්තු කළ ඔහු, එක් පැත්තට දෙකක් ද අනෙක් පැත්තට දෙකක් ද යන වශයෙන් ඒවා එහි කකුල්වල සවි කළේ ය. 4ඉන්පසු අකේෂියා ලීයෙන් පොලු සාදා, ඒවා රනින් වැසූ ඔහු, 5කරඬුව ඔසවාගෙන යෑම සඳහා, එහි දෙපස වළලු තුළට එම පොලු රිංගවී ය.
6ඔහු අමිශ්‍ර රනින් කරුණාසනය#37:6 කරුණාසනය හෙවත් පාප වන්දි නිවාරණ වැස්ම 7, 8, 9 සෑදී ය. එය දිගින්, රියන් දෙකහමාරකි. පළලින්, රියන් එකහමාරකි. 7ඉන්පසු ඔහු කරුණාසනය දෙකෙළවර, තැලූ රනින් කෙරුබ්වරුන් දෙදෙනකු සෑදී ය. 8එක් කෙරුබ්වරයකු එක් කෙළවරක ද අනෙක් කෙරුබ් අනෙක් කෙළවරෙහි ද යන වශයෙන් කරුණාසනය හා සමඟ තනි නිර්මාණයක් වන පරිදි, එහි දෙකෙළවරේ ඔහු කෙරුබ්වරුන් සෑදී ය. 9කෙරුබ් පියාපත් ඉහළට විහිදී, ඔවුන්ගේ පියාපත්වලින් කරුණාසනය ආවරණ කර ගෙන තිබිණ. එකිනෙකාට මුහුණ ලා සිටි කෙරුබ්වරුන්ගේ මුහුණු, කරුණාසනය දෙසට යොමු වී තිබිණ.
පිදුම් රොටි මේසය
10ඔහු අකේෂියා ලීයෙන් මේසය සෑදී ය. එය දිගින්, රියන් දෙකකි; පළලින්, රියනකි; උසින්, රියන් එකහමාරකි. 11ඔහු එය අමිශ්‍ර රනින් වසා, ඒ වටා රන් ලීස්තරයක් සවි කළේ ය. 12ඔහු මේසය වටා වියතක් පළල පට්ටමක් ගසා, ඒ පට්ටම වටා ද රන් ලීස්තරයක් සවි කළේ ය. 13මේසය සඳහා රන් වළලු හතරක් වාත්තු කළ ඔහු, මේස කකුල් පිහිටි කොන් හතරේ ඒවා සවි කළේ ය. 14මේසය ඔසවාගෙන යෑමට යොදන පොලු රඳවන මෙම වළලු, මේස පට්ටම ළඟින් ම විය. 15මේසය ඔසවන පොලු, අකේෂියා ලීයෙන් සෑදූ ඔහු, ඒවා රනින් වැසී ය. 16මේසය මත තබන බඳුන් වන එහි පිඟන් හා දීසි ද එහි පාත්‍රා ද පාන පූජා වගුරු වන කෙණ්ඩි ද ඔහු අමිශ්‍ර රනින් සෑදී ය.
පහන් රුක
17ඔහු අමිශ්‍ර රනින් පහන් රුක සෑදී ය. පහන් රුකේ අඩිය හා කඳ, තැලූ රනින් නිම විණි. මල් වැනි එහි කොපු ද පොහොට්ටු හා මල් ද ඇතුළු මුළු පහන් රුක තනි නිර්මාණයක් විය. 18එක පැත්තක අතු තුනක් ද අනෙක් පැත්තේ අතු තුනක් ද යන වශයෙන් පහන් රුක දෙපසින් අතු හයක් විහිදිණ. 19මල් පොහොට්ටු හා මල් සහිත කොට්ටම්බා මල් හැඩයෙන් යුත් කොපු, එක් අත්තක තුනක් ද අනෙක් අත්තේ තුනක් ද යන වශයෙන් පහන් රුකෙන් විහිද යන අතු හයේ ම විය. 20පහන් රුකේ කඳෙහි ද මල් පොහොට්ටු හා මල් සහිත කොට්ටම්බා මල් හැඩයෙන් යුත් කොපු හතරක් විය. 21එක් පොහොට්ටුවක්, පහන් රුකෙන් දෙපසට විහිද යන පළමු අතු යුගල යටින් ද දෙවන පොහොට්ටුව, දෙවන අතු යුගල යටින් ද තෙවැන්න, තෙවන අතු යුගල යටින් ද යන වශයෙන් අතු හයේ ම විය. 22එම පොහොට්ටු හා අතු ද පහන් රුක සමඟ තනි නිර්මාණයක් ලෙස තැලූ අමිශ්‍ර රනින් නිමැවිණ.
23එහි පහන් සත ද පහන් තිර කපන කතුරු හා තැටි ද ඔහු අමිශ්‍ර රනින් සෑදී ය. 24පහන් රුක හා ඊට අනුබද්ධ සියලු උපාංග ඔහු සෑදුවේ, අමිශ්‍ර රත්රන් තලෙන්තයක#37:24 කිලෝග්‍රෑම් 34ක් පමණ බර ප්‍රමාණයකිනි.
සුගන්ධ ධූම පූජාසනය
25ඔහු සුගන්ධ ධූම පූජාසනය, අකේෂියා ලීයෙන් සෑදී ය. එය රියනක් දිග, රියනක් පළල සමචතුරස්‍රාකාර එකකි. එහි උස රියන් දෙකකි. පූජාසනයේ අං, පූජාසනයත් සමඟ තනි නිර්මාණයක් විය. 26පූජාසනය මතු පිට හා එහි පැති සියල්ල හා එහි අං අමිශ්‍ර රනින් වැසූ ඔහු, එය වටා රන් ලීස්තරයක් සෑදී ය. 27පූජාසනය උසුලාගෙන යෑමේ පොලු දැමීමට එම ලීස්තරයට යටින් පූජාසනයේ ප්‍රති විරුද්ධ පැති දෙකෙහි ඔහු රන් වළලු දෙක බැගින් සෑදී ය. 28අකේෂියා ලීයෙන් එම පොලු සෑදූ ඔහු, ඒවා රනින් වැසී ය.
29ඔහු, සුවඳ විලවුන් ශිල්පීය සංයෝගයක් වූ ශුද්ධ ආලේප තෙල හා පිරිසිදු සුගන්ධ ධූම ද්‍රව්‍ය ද සෑදී ය.
موجودہ انتخاب:
නික්මයාම 37: SCV
سرخی
کاپی
موازنہ
شئیر
کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.