ද්විතීය 34

34
මෝසෙස්ගේ මරණය
1ඉන්පසු මෝසෙස්, යෙරිකෝවෙන් මෙගොඩ මෝවබ් තැන්නේ සිට, නෙබෝ කන්දේ පිස්ගා කඳු මුඳුනට නැංගේ ය. එහිදී ස්වාමින්වහන්සේ ඔහුට මුළු දේශය ම පෙන් වූ සේක. ගිලියාද් සිට දාන් දක්වා, 2නෆ්තලී මුළු පෙදෙස ද එප්‍රායිම් හා මනස්සේ පළාත ද බටහිර මුහුද තෙක් විහිදි මුළු යූදා දේශය ද 3නෙගෙබ්#34:3 නෙගෙබ් එනම් දකුණු දිශාව ද ඉඳි ගස් නුවර වන යෙරිකෝවේ මිටියාවත ද සොවර් දක්වා ද පෙන් වූ සේක. 4ඉන්පසු ඔහු ඇමතූ ස්වාමින්වහන්සේ, “ ‘ඔබෙන් පැවත එන්නන්ට මෙය දෙන්නෙමැ’ යි කියා ආබ්‍රහම්ට ද ඊසාක්ට ද යාකොබ්ට ද මා දිවුරා පොරොන්දු වූ දේශය මෙයයි. ඔබේ ම ඇස්වලින් ඔබට එය දකින්නට සැලැස්වීමි. එහෙත්, ඔබ එහි එතෙර ව යන්නේ නැතැ” යි පැවසූ සේක.
5 ස්වාමින්වහන්සේ පවසා තිබූ පරිදි ස්වාමින්වහන්සේගේ සේවක මෝසෙස්, මෝවබ්හි එම ස්ථානයේදී මියැදිණි. 6මෝවබ් දේශයේ බෙත්-පෙයෝර් ඉදිරිපිට වූ මිටියාවතෙහි උන්වහන්සේ ඔහු භූමදාන කළ සේක. එහෙත් ඔහුගේ සොහොන කොතැනකදැයි මේ දක්වාත් කිසිවකු නො දනී. 7මෝසෙස් මියෙන විට එකසිය විසි වසක් වියැති ව සිටියේ නමුදු ඔහුගේ ඇස් පෙනීම දුබල නො විණ; ඔහුගේ සවි ශක්තිය හීන නො විණ. 8හඬා-වැලපෙන කාලය වන තිස් දවසක් ඉක්මෙන තෙක්, ඉශ්‍රායෙල්වරු මෝවබ් තැන්නෙහි දී මෝසෙස් උදෙසා ශෝක වූහ.
9නූන්ගේ පුත් යෝෂුවා මත මෝසෙස් අත් තබා තිබූ බැවින්, යෝෂුවා ප්‍රඥාවේ ආත්මයෙන් පූර්ණ විය. එබැවින් යෝෂුවාට සවන් දුන් ඉශ්‍රායෙල්වරු ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කර තිබූ පරිදි ක්‍රියා කළහ.
10 ස්වාමින්වහන්සේ හා මුහුණට මුහුණ හැඳින සිටි මෝසෙස් හා සමාන අන් දිවැසිවරයෙක් එවක් පටන් ඉශ්‍රායෙල්වරුන් අතර නො නැගිට්ටේ ය. 11පාරාවෝ ද ඔහුගේ සියලු නිලධාරීන් හා ඔහුගේ මුළු දේශය ද වෙත, ස්වාමින්වහන්සේ ඔහු යැවූ කල, ඔහු ඊජිප්තුවේදී ඒ සියලු හාස්කම් ලකුණු හා පුදුම සිදු කළේ ය. 12සියලු ඉශ්‍රායෙල්වරුන් ඇස් හමුවේ මෝසෙස් පෑ මහත් බලය හෝ භයංකර ක්‍රියා කළ කිසිවකු, කිසි කලෙකවත් නො වී ය.

موجودہ انتخاب:

ද්විතීය 34: SCV

سرخی

کاپی

موازنہ

شئیر

None

کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in