1
ගණන් 20:12
සිංහල කාලීන පරිවර්තනය
SCV
එහෙත් මෝසෙස් හා ආරොන් ඇමතූ ස්වාමින්වහන්සේ, “ඉශ්රායෙල්වරුන් හමුවෙහි මගේ ශුද්ධත්වයට ගෞරව පැමිණෙන සේ ඔබ මා කෙරෙහි විශ්වාසය නො තැබූ බැවින්, මේ ප්රජාවට මා දෙන දේශයට ඔබ ඔවුන් ගෙන යන්නේ නැතැ” යි පැවසූ සේක.
موازنہ
تلاش ගණන් 20:12
2
ගණන් 20:8
“සැරයටිය ගෙන, ඔබත්, ඔබේ සහෝදර ආරොනුත් ජනතාව එක් රැස් කරවන්න. ඔවුන්ගේ ඇස් ඉදිරිපිට පර්වතයට කතා කරන්න. එවිට එය එහි වතුර ගලා යවනු ඇත. ජන සමූහයාට පර්වතයෙන් ඔබ වතුර ගෙන දෙනු ඇත. එවිට ඔවුන්ට ද ඔවුන්ගේ සතුනට ද බීමට හැකි වේ යැ” යි පැවසූ සේක.
تلاش ගණන් 20:8
3
ගණන් 20:11
ඉන්පසු තම අත එසවූ මෝසෙස්, තම සැරයටියෙන් දෙවරක් පර්වතයට ගැසී ය. වතුර ඉන් ගලා හැලෙන්නට වන්නේ ය. ජන සමූහයත්, ඔවුන්ගේ සතුනුත් එයින් බීවෝ ය.
تلاش ගණන් 20:11
4
ගණන් 20:10
මෝසෙස් හා ආරොන් පර්වතය ඉදිරියේ සමූහයා එක් රැස් කරවූහ. ඉන්පසු ඔවුන් ඇමතූ මෝසෙස්, “කැරලිකරුවනි, මේ අහපල්ලා. මේ පර්වතයෙන් අප නුඹලාට වතුර ගෙන දෙන්න ඕනෑ දැ?” යි ඇසී ය.
تلاش ගණන් 20:10