1
ගණන් 21:8
සිංහල කාලීන පරිවර්තනය
SCV
ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “ගිනි වැනි සර්පයකු සාදා, රිටක් මත තබන්න. දෂ්ට කරනු ලැබූ කවරෙක් වුව, ඒ දෙස බලන්නේ නම්, ඔහු ජීවත් වෙතැ” යි පැවසූ සේක.
موازنہ
تلاش ගණන් 21:8
2
ගණන් 21:9
එවිට මෝසෙස් ලෝකඩ සර්පයකු සාදා, රිටක් මත එය තැබී ය. එවිට, සර්පයකු විසින් දෂ්ට කරනු ලැබූ කවරකු වුව, ලෝකඩ සර්පයා දෙස බැලුවේ ද, ඔහු ජීවත් විය.
تلاش ගණන් 21:9
3
ගණන් 21:5
දෙවියන්වහන්සේට එරෙහිව හා මෝසෙස්ට එරෙහිව කතා කරමින්, “මේ පාළුකරයේ මැරී යන්නට ඊජිප්තුවෙන් පිටතට නුඹ අප ගෙන ආවේ මොකට ද? මෙහි රොටි නැහැ; වතුර නැහැ; වැදගැම්මකට නැති මේ කෑම අපට දැන් අප්පිරියා වෙලා” යි කීහ.
تلاش ගණන් 21:5
4
ගණන් 21:6
එවිට ස්වාමින්වහන්සේ ඔවුන් අතරට ගිනි වැනි සර්පයින් එවූ සේක. ජනයාට උන් දෂ්ට කළෙන්, ඉශ්රායෙල්වරුන් බොහෝ දෙනෙක් එයින් මළහ.
تلاش ගණන් 21:6
5
ගණන් 21:7
එබැවින් මෝසෙස් වෙත පැමිණි ජනයා, “ස්වාමින්වහන්සේටත්, ඔබටත් එරෙහිව කතා කිරීමෙන්, අපි පව් කළා. අප වෙතින් මේ සර්පයින් පහ කර දමන ලෙස ස්වාමින්වහන්සේට යාච්ඤා කරන්නැ” යි ඉල්ලූහ. එවිට මෝසෙස් ජනතාව උදෙසා යාච්ඤා කළේ ය.
تلاش ගණන් 21:7