1
ද්විතීය 4:29
සිංහල කාලීන පරිවර්තනය
SCV
එහෙත් එහිදී ඔබ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ සොයා ගියහොත්, ඔබේ මුළු හදවතින් ද ඔබේ මුළු ජීවයෙන් ද සැබවින් ම උන්වහන්සේ සෙව්වහොත්, ඔබට උන්වහන්සේ සම්භ වනු ඇත.
موازنہ
تلاش ද්විතීය 4:29
2
ද්විතීය 4:31
මන්ද ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ දයාවෙන් පූර්ණ දෙවියන්වහන්සේ ය. උන්වහන්සේ ඔබ අත්හැර දමන්නේවත්, ඔබ විනාශ කර දමන්නේවත් නැත. උන්වහන්සේ ඔබේ ආදි පියවරුනට දිවුරා ශපථ කළ ගිවිසුම, අමතක කරන්නේ ද නැත.
تلاش ද්විතීය 4:31
3
ද්විතීය 4:24
මන්ද ස්වාමින්වහන්සේ වන ඔබේ දෙවියන්වහන්සේ දවාලන ගින්නකි; ඊර්ෂ්‍යා සහගත දෙවියන්වහන්සේ ය.
تلاش ද්විතීය 4:24
4
ද්විතීය 4:9
හොඳ පරෙස්සමින් සිටින්න; ඔබේ ම ඇස්වලින් ඔබ දුටු දෑ අමතක වීමට හෝ ඒවා ඔබේ හදින් ගිලිහී යෑමට නො හැකි වන සේ, තමන් ගැන හොඳ සෝදිසියෙන් සිටිමින්, ඔබේ දරුවන්ටත්, ඔවුන්ගෙන් පසු ඔවුන්ගේ දරුවන්ටත් ඒවා කියා දෙන්න.
تلاش ද්විතීය 4:9
5
ද්විතීය 4:39
එබැවින් ඉහළ ස්වර්ගයේත්, පහළ පොළොවේත් ස්වාමින්වහන්සේ දෙවියන්වහන්සේ ම වග, අන් කෙනකු නැති වග අද දවසේ ඒත්තු ගෙන, එය සිතේ ධාරණය කර ගන්න.
تلاش ද්විතීය 4:39
6
ද්විතීය 4:7
අප අමතන කවර විටෙක වුව, අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අපට ළං ව සිටින සේ, තමනට ළං ව තමන්ගේ දෙවියන් ව සිටින්නට තරම් ශ්‍රේෂ්ඨ වූ වෙනත් ජාතියක් වේ ද?
تلاش ද්විතීය 4:7
7
ද්විතීය 4:30
ඔබ විපතට පත් ව, ඒ හැම දේ ඔබට සිදු වූ පසු, කලක් ගත වී ඔබ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ වෙත ආපසු අවුත්, උන්වහන්සේට කීකරු ව සිටිනු ඇත.
تلاش ද්විතීය 4:30
8
ද්විතීය 4:2
මා ඔබට අණ කරන දෑට කිසිවක් එකතු කරන්නේවත්, එයින් කිසිවක් අඩු කරන්නේවත් නැතිව, මා ඔබට නියම කරන ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ආඥා පිළිපදින්න.
تلاش ද්විතීය 4:2