1
1 සාමුවෙල් 15:22
සිංහල කාලීන පරිවර්තනය
SCV
එහෙත් සාමුවෙල් පිළිතුරු දෙමින්, “ස්වාමින්වහන්සේගේ කටහඬට අවනත වීම තරම් දවන යාග හා යාග පූජාවලට ස්වාමින්වහන්සේ ප්රසන්න ද? බලන්න! කීකරුවීම පූජාවට වඩා අගනේ ය. සවන් දීම බැටළු මේදයට වඩා අගනේ ය.
موازنہ
تلاش 1 සාමුවෙල් 15:22
2
1 සාමුවෙල් 15:23
මන්ද කැරලිකාරකම, පේන කීමේ පාපයට සමාන ය. මුරණ්ඩුකම, දුෂ්ටකමට හා රූප වන්දනාවට සමාන ය. ස්වාමින්වහන්සේගේ වචනය ඔබ ප්රතික්ෂේප කළ බැවින්, උන්වහන්සේ රජකමින් ඔබ ප්රතික්ෂේප කළ සේකැ” යි කීවේ ය.
تلاش 1 සාමුවෙල් 15:23
3
1 සාමුවෙල් 15:29
ඉශ්රායෙල්හි තේජෝමහිමයාණෝ බොරු නො කියන සේක; ස්වකීය අදහස ගැන නො තැවෙන සේක. මන්ද තැවෙන්නට උන්වහන්සේ මිනිසකු නො වේ යැ” යි පැවසී ය.
تلاش 1 සාමුවෙල් 15:29
4
1 සාමුවෙල් 15:11
“සාවුල් රජකමට පත් කිරීම ගැන මම තැවෙමි. මන්ද ඔහු මා අනුගමන කිරීමෙන් ඉවත හැරී ඇත. මගේ ආඥා ඔහු පිළිපැද නැතැ” යි කී සේක. සාමුවෙල් සංවේගයට පත් විය. මුළු රැය පුරා ඔහු ස්වාමින්වහන්සේට හඬ ගෑවේ ය.
تلاش 1 සාමුවෙල් 15:11