හොෂෙයා 7
7
1මා ඉශ්‍රායෙල් සුව කරන්නට යන හැම විට,
එප්‍රායිම්ගේ පාප අනාවරණ වෙයි;
සමාරියේ අපරාධ හෙළිදරව් වේ.
ඔවුහු රැවටිල්ල අභ්‍යාස කරති;
සොරු ගෙවලට කඩා වදිති;
මංපහරන්නෝ පිටතදී කොල්ල කති.
2එහෙත් ඔවුන්ගේ සියලු දුෂ්ටකම් මට මතක ඇති වග,
ඔවුන් වටහා ගන්නේ නැත.
ඔවුන් වට කොට ගත් ඔවුන්ගේ පාප
හැම විට මා මුහුණ ඉදිරියෙහි ය.
3ඔවුහු තම දුෂ්ටකම්වලින් රජු ද
තම බොරුවලින් අධිපතීන් ද ප්‍රමෝදයට පමුණුවති.
4ඔවුහු සියල්ලෝ පරදාරිකයෝ ය.
පාන් පුලුස්සන්නා ඇනූ පිටි පිපෙන තුරා
ඒ මුළු කාලය පුරා දිගට ම ගිනියම් ව
දැවෙන පෝරනුවක් වැන්න ඔවුන්.
5අප රජ්ජුරුවන්ගේ උත්සව දවසේ
අධිපතීන් මිදි යුෂ මතින් ඇවිළුණු කල,
ඔහු ද එම නින්දාකරන්නන් සමඟ අත්වැල් බැඳ ගත්තේ ය.
6ඔවුන්ගේ හදවත් පෝරනුවක් වැන්න.
ඔවුන් ඔහු වෙත ළඟා වන්නේ ප්‍රයෝගකාරී ව ය.
ඔවුන්ගේ කෝපය රැය පුරා ගිනි පිට නො වී ඇවිළ,
උදෑසන බුර-බුරා ඇවිළෙන්නේ ය.
7ඔවුහු හැමදෙන පෝරනුවක් සේ ගිනිහම් ව සිටිති.
ඔවුහු තම පාලකයින් කා දමති.
ඔවුන්ගේ රජවරුන් සැවොම වැටී ගිය ද,
ඒ කිසිවකුවත් මට කන්නලව් කරන්නේ නැත.
8එප්‍රායිම් ජනයා සෙසු ජාතීන් හා මිශ්‍ර වෙති;
එප්‍රායිම් ජනයා බාගෙට පිලිස්සූ රොටියකි.
9විදෙස්සෝ ඔහුගේ ශක්තිය උරා බොති;
එහෙත් ඔහු ඒ වග දන්නේ නැත.
ඔහුගේ හිස කෙස් පැසීම පැතිරයේ;
එහෙත් ඔහු ඒ වග දන්නේ නැත.
10ඉශ්‍රායෙල්ගේ අහංකාරය, ඔහුගේ මුහුණින් සාක්ෂි දෙයි.
එහෙත් ඔහු ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන
ස්වාමින්වහන්සේ වෙත ආපසු ආවේ නැත;
සියල්ල එසේ වුව ද උන්වහන්සේ සෙව්වේ ද නැත.
11එප්‍රායිම් ජනයා මෝඩ,
අවබෝධයක් නැති පරෙවියකු වැන්න.
ඔවුහු ඊජිප්තුවට හඬ ගසමින්,
අසිරියාවට දුවති.
12ඔවුන් යන කල මම, මගේ දැල ඔවුන් පිට එළා,
අහස් පක්ෂීන් පරිදි ඔවුන් බිම හෙළන්නෙමි.
ඔවුන්ගේ එකමුතුවේ වාර්තාවට අනුව
මම ඔවුන් හික්ම වන්නෙමි.
13මා වෙතින් ඔවුන් මුළාව ගිය බැවින්,
ඔවුන්ට වන විපතක මහත!
මට එරෙහිව කැරලි ගැසූ
ඔවුන්ට විනාශය වේ!
ඔවුන් මුදා ගන්නට මම ආශා වීමි,
එහෙත් ඔවුහු මට එරෙහිව මුසා දෙඩූහ.
14ඔවුන් තම යහන් මත හිඳ, ලතෝනි දෙනවා මිස,
තම හදවතින් මට මොර ගසන්නේ නැත.
ධාන්‍ය හා අලුත් මිදි යුෂ සඳහා
ස්වයං හිංසනය කරන නමුදු,
මට එරෙහිව කැරලි ගසති.
15ඔවුන් පුහුණු කළේත්, ඔවුන්ගේ අත් සවිමත් කළේත් මා ය.
එහෙත් ඔවුහු මට විරුද්ධ ව නපුර කැටූහ.
16මහෝත්තමයාණන් වෙත ඔවුන් හැරෙන්නේ නැත.
ඔවුන් දෝෂ සහිත දුන්නක් වැන්න.
ඔවුන්ගේ කට-කැඩුණු කතා නිසා,
ඔවුන්ගේ නායකයින් කඩු පහර කා වැටෙනු ඇත.
මේ නිසා ඊජිප්තු දේශය තුළ
ඔවුන් සමච්චලයට බඳුන් වන්නේ ය.
ప్రస్తుతం ఎంపిక చేయబడింది:
හොෂෙයා 7: SCV
హైలైట్
షేర్ చేయి
సరిపోల్చండి
కాపీ
మీ పరికరాలన్నింటి వ్యాప్తంగా మీ హైలైట్స్ సేవ్ చేయబడాలనుకుంటున్నారా? సైన్ అప్ చేయండి లేదా సైన్ ఇన్ చేయండి
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.