හොෂෙයා 6

6
පසුතැවිලි නො වීම
1“එමු; අපි ස්වාමින්වහන්සේ වෙත හැරී යමු.
උන්වහන්සේ, කැබලිවලට අප ඉරා දැමූ නමුදු,
උන්වහන්සේ ම අප සුව කරන සේක.
උන්වහන්සේ අපට තුවාල කළ නමුදු
උන්වහන්සේ ම බෙහෙත් බඳින සේක.
2දෙදිනකට පසු, උන්වහන්සේ අප පුබුදුවන සේක.
තුන් වන දවසේ උන්වහන්සේ අප නැගිටුවන සේක.
ඒ, උන්වහන්සේ අබිමුවේ අප ජීවත් වන පිණිස ය.
3අපි හැඳිනගනිමු;
ස්වාමින්වහන්සේ හැඳින ගැනීමට උත්සුක වමු.
හිරු පායන සේ,
සැබවින් ම උන්වහන්සේ පිටත් ව එන සේක.
පොළොව ජල ගන්වන මෝසම් වැසි මෙන්
වැස්ස වගේ උන්වහන්සේ අප වෙත එන සේක.”
4එම්බා එප්‍රායිම්, නුඹ ගැන මම කුමක් කරම් ද?
එම්බා යූදා, නුඹ ගැන මම කුමක් කරම් ද?
නුඹගේ ප්‍රේමය හිමිදිරියේ මී-දුම වැන්න,
අලුයම් උදයේ වියැකී යන පිණිකැට වැන්න.
5එබැවින් මගේ දිවැසිවරුන් මගින් මම ඔවුන් කපා දැමුවෙමි.
මගේ මුවෙහි වචනවලින් මම ඔවුන් මරා දැමුවෙමි.
මගේ විනිශ්චය පෙරට ඇදෙන්නේ විදුලිය සේ ය#6:5 මෙම වාක්‍යයේ අර්ථය හෙබ්‍රෙව් බසින් පැහැදිලි නැත..
6මන්ද මම යාග පූජාවට නො ව, දයාවට ආශා ඇත්තෙමි.
දවන යාග පූජාවට වඩා දෙවියන්වහන්සේ දැනගැනීමට ආශා ඇත්තෙමි.
7එහෙත් ඔවුහු ආදම් මෙන් ගිවිසුම කැඩූහ.
එහිදී ඔවුහු මට ද්‍රෝහි වූහ.
8ගිලියාද් යනු ලේ-පා සටහන් ඇති,
දුෂ්ටයින්ගේ පුරවරයකි.
9පූජකයින් කාණ්ඩ ගැසෙන්නේ,
කොල්ලකරුවන් මිනිසකු එන තුරා රහසේ රැක සිටින සේ ය;
ඔවුහු ෂෙකෙම් වෙත දිවෙන මාර්ගයේ රැක සිට, මිනී මරති.
නින්දිත දෑ කරති.
10ඉශ්‍රායෙල් වංශය මධ්‍යයේ අජූව දෙයක් මම දැක ඇත්තෙමි:
එප්‍රායිම්ගේ වේශ්‍යාකම් නිසා,
ඉශ්‍රායෙල් අපවිත්‍ර කෙරේ.
11යූදා වංශය,
ඔබටත් අස්වැන්නක් මා නියම කර තිබේ.
මගේ ජනයාගේ භාග්‍ය, මා යළි ස්ථාපිත කරන කල,

ప్రస్తుతం ఎంపిక చేయబడింది:

හොෂෙයා 6: SCV

హైలైట్

షేర్ చేయి

సరిపోల్చండి

కాపీ

None

మీ పరికరాలన్నింటి వ్యాప్తంగా మీ హైలైట్స్ సేవ్ చేయబడాలనుకుంటున్నారా? సైన్ అప్ చేయండి లేదా సైన్ ఇన్ చేయండి