සෙවුම් ප්‍රතිඵල

යොහන් 10:10 (SCV)

සොරා එන්නේ සොරකම් කරන්නටත්, මරන්නටත්, විනාශ කරන්නටත් පමණයි. එනමුත් මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසයි; එය අධික ව ම ලැබෙන පිණිසයි.

යොහන් 14:6 (SCV)

යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “මාර්ගය ද සත්‍යය ද ජීවනය ද මම ය; මා මගින් මිස, කිසිවකු පියාණන්වහන්සේ වෙත එන්නේ නැත.

රෝම 8:6 (SCV)

මාංසයේ මනස රැඳවීම මරණයයි. එහෙත් ආත්මයාණන් මත මනස රැඳවීම, ජීවනය හා සාමයයි.

හිතෝපදේශ 4:23 (SCV)

අන් සියල්ලට ම වඩා ඔබගේ හදවත රැක ගන්න; මන්ද ජීවනයේ උල්පත් එයින් ය.

ගලාති 2:20 (SCV)

ක්‍රිස්තුස්වහන්සේ සමඟ මම කුරුසිපත් කරනු ලදිමි. තවදුරටත් ජීවත් වන්නේ මා නො වේ. ක්‍රිස්තුස්වහන්සේ මා තුළ ජීවත් වන සේක. දැන් මාංසයේ වෙසෙමින් මා ගෙවන මේ ජීවිතය මා ජීවත් වන්නේ, මට ප්‍රේම කළ, මා උදෙසා තමන් ම පූජා වූ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් තුළ ඇදහිල්ලෙනි,

හිතෝපදේශ 18:21 (SCV)

ජීවනයේ හා මරණයේ බලය දිවෙහි පවතී; ඊට ප්‍රිය වන්නෝ එහි පල භුක්ති විඳින්නෝ ය.

ද්විතීය 30:19 (SCV)

ජීවනය හා මරණයත්, ආශිර්වාද හා ශාපත් මා ඔබ ඉදිරියෙහි තැබූ බවට ඔබට එරෙහිව සාක්ෂි පිණිස අද මම අහසත්, පොළොවත් කැඳවමි. එබැවින්, ජීවනය තෝරා ගන්න. එසේ කළ යුත්තේ, ඔබත්, ඔබේ දරුවනුත් ජීවත් වන පිණිසත්,

යොහන් 11:25 (SCV)

යේසුස්වහන්සේ ඇය අමතමින්, “මරණින් නැගිටීමත්, ජීවනයත් මම ය. මා තුළ විශ්වාස කරන්නා මැරුණත් ජීවත් වන්නේ ය.

යොහන් 11:26 (SCV)

මා තුළ විශ්වාසය තබන, ජීවත් ව සිටින හැම කෙනෙක් කිසි දා නො මැරෙයි. ඔබ මෙය විශ්වාස කරනවා දැ?” යි ඇසූ සේක.

රෝම 8:11 (SCV)

යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැගිට වූ තැනැන්වහන්සේගේ ආත්මයාණන්, ඔබ තුළ වාසය කරන සේක් නම්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ මරණින් නැගිට වූ තැනැන්වහන්සේ, ඔබ තුළ වෙසෙන ස්වකීය ආත්මයාණන් මගින්, මැරෙනසුලු ඔබගේ ශරීරයන්ට ද ජීවනය දෙන සේක.

යාකොබ් 4:14 (SCV)

හෙට දවසේ කුමක් වේ දැයි ඔබ දන්නේ නැත. ඔබේ ජීවිතය කුමක් ද? ඔබ, සුළු මොහොතකට ඇති වී, නැති වී යන මීදුමකි.

ක්‍රියා 20:24 (SCV)

කෙසේ වෙතත් මා දුවන මේ තරඟ දිවුම නිම කිරීමත්, යේසුස් ස්වාමින්වහන්සේ මට දුන් කාර්ය භාරය වන දෙවියන්වහන්සේගේ අනුග්‍රහයේ ශුභාරංචිය ගැන සාක්ෂි දැරීම සම්පූර්ණ කිරීමත් මිස, මගේ ජීවිතය මට වටනේයයි මම නො සිතමි.

ද්විතීය 30:20 (SCV)

ඔබ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ප්‍රේම කරමින්, උන්වහන්සේගේ කටහඬට සවන් දෙමින්, උන්වහන්සේට ඇලුම් ව සිටින පිණිසත් ය. ඔබේ ජීවනය උන්වහන්සේයි. එවිට ඔබේ පියවරුන් වූ ආබ්‍රහම්ටත්, ඊසාක්ටත්, යාකොබ්ටත් දෙන්නට උන්වහන්සේ දිවුළ දේශයේදී උන්වහන්සේ ඔබට දීර්ඝායු දෙන සේක.

ගීතාවලිය 16:11 (SCV)

ජීවනයේ මාවත ඔබ මට දැන් වූ සේක; ඔබ අබිමුවේ පිරිපුන් ප්‍රීතිය තිබේ. ඔබගේ දකුණු පස සදාතන සොම්නස් ඇත්තේ ය.

හිතෝපදේශ 21:21 (SCV)

ධර්මිෂ්ඨකම ද ප්‍රේමය ද හඹා යන කවරකුට වුව ජීවනයත්, ධර්මිෂ්ඨකමත්, ගෞරවයත් අත්වෙයි.

යොහන් 15:7 (SCV)

ඔබ මා තුළ රඳා පවතී නම්, මගේ වචන ඔබ තුළ රඳා පවතී නම්, ඔබ කැමති ඕනෑ ම දෙයක් ඉල්ලන්න; එවිට ඒ දේ ඔබට කර දෙනු ලැබේ.

යොහන් 15:13 (SCV)

තම මිතුරන් උදෙසා ජීවිතය පිදීමට වඩා ශ්‍රේෂ්ඨ ප්‍රේමයක් කිසිවකුටත් තිබිය නො හැක.

රෝම 8:18 (SCV)

මේ වත්මනේ අප විඳින දුක් වේදනා, අපට එළිදරවු වන්නට තිබෙන තේජස සමඟ, සසැඳීමටවත් තරම් නො වෙතැයි මම සිතමි.

රෝම 8:26 (SCV)

එපරිදි අපේ දුර්වලතාවලදී ආත්මයාණෝ අපට උපකාර කරන සේක. යුතු පරිදි අප යාච්ඤා කළ යුත්තේ කුමක් සඳහාදැයි අප දන්නේ නැත. එහෙත් ආත්මයාණෝ ම වචනයෙන් කිව නො හැකි කෙඳිරීම් මගින් අප උදෙසා මැදිහත් වන සේක.

රෝම 8:28 (SCV)

තවද දෙවියන්වහන්සේට ප්‍රේම කරන්නන්ට, උන්වහන්සේගේ අරමුණට අනුව කැඳවනු ලැබූවන්ට, හැම දෙයක් ම යහපත පිණිස එකට ක්‍රියා කරන වග අපි දනිමු.

රෝම 8:31 (SCV)

එසේ නම් මේ දෑ ගැන කුමක් කියමු ද? දෙවියන්වහන්සේ අපේ පැත්තට නම්, අපට එරෙහි විය හැක්කේ කවරකුට ද?

රෝම 8:35 (SCV)

ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමයෙන්, අප වෙන් කළ හැකි වනුයේ කවරකුට ද? පීඩාවට, විපත්තියට හෝ වධ-බන්ධනවලටවත්, සාගතයට, නග්න භාවයට, උපද්‍රවයට හෝ කඩුවටවත් එය හැකි වේ ද?

රෝම 8:37 (SCV)

නැත, මේ සියල්ලේදී, අපට ප්‍රේම කළ තැනැත්තාණන් මගින් අපි ජයග්‍රාහකයින්ටත් වඩා වැඩිමනත් වම්හ.

රෝම 8:38 (SCV)

මන්ද මරණයට හෝ ජීවනයටවත්, දේව දූතයින්ට හෝ අධිපතීන්ටවත්, දැන් පවතින දේකට හෝ මතු පැමිණෙන දේකටවත්, බල-පරාක්‍රමයකටවත්,

රෝම 8:39 (SCV)

උසට හෝ ගැඹුරට හෝ මුළු මහත් මැවිල්ලේ අන් කිසිවකටවත්, ක්‍රිස්තුස් යේසුස් අප ස්වාමින්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන් කළ නො හැකි වග මට සහතික ය.