සෙවුම් ප්‍රතිඵල
රෝම 6:23 (SCV)
මන්ද පාපයේ කුලිය මරණයයි. එහෙත් දෙවියන්වහන්සේගේ තිළිණ දීමනාව, ක්‍රිස්තුස් යේසුස් අප ස්වාමින්වහන්සේ තුළ සදාතන ජීවනයයි.
රෝම 8:6 (SCV)
මාංසයේ මනස රැඳවීම මරණයයි. එහෙත් ආත්මයාණන් මත මනස රැඳවීම, ජීවනය හා සාමයයි.
රෝම 8:38 (SCV)
මන්ද මරණයට හෝ ජීවනයටවත්, දේව දූතයින්ට හෝ අධිපතීන්ටවත්, දැන් පවතින දේකට හෝ මතු පැමිණෙන දේකටවත්, බල-පරාක්‍රමයකටවත්,
1 තෙසලෝනික 4:13 (SCV)
සහෝදරයිනි, සැතපී සිටින්නන් ගැන ඔබ නො දැන සිටීම අපගේ කැමැත්ත නො වේ. බලාපොරොත්තුවක් නැති සෙසු ලෝකයා මෙන්, ඔවුන් ගැන ඔබ ශෝක නො විය යුතු ය.
1 තෙසලෝනික 4:14 (SCV)
යේසුස්වහන්සේ මැරුණු බවත්, යළි නැගුටුණු බවත් අප විශ්වාස කරන ලෙස ම උන්වහන්සේ තුළ සැතපුණු අය දෙවියන්වහන්සේ, යේසුස්වහන්සේ සමඟ ගෙන එනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.
1 කොරින්ති 15:55 (SCV)
“එම්බා මරණය, නුඹගේ ජය කොහේ ද? එම්බා මරණය, නුඹගේ විස දළ කොහේ ද?”
1 තෙසලෝනික 4:15 (SCV)
ස්වාමින්වහන්සේගේ ම වචනවලට අනුව අප ඔබට කියන්නේ, ස්වාමින්වහන්සේගේ පැමිණීම තෙක් ඉතිරි ව ජීවත් ව සිටින අප, සැතපුණු අයට වඩා කිසි සේත් ඉස්සර නො වන බවයි.
1 තෙසලෝනික 4:16 (SCV)
මන්ද මහ හඬින් විධානයක් ද අග්‍ර දේව දූතයාගේ කටහඬ ද දෙවියන්වහන්සේගේ හොරණෑ ඇමතුම් හඬ ද සමඟින් ස්වාමින්වහන්සේ ම ස්වර්ගයෙන් බැස එන සේක. එකල, ක්‍රිස්තුස්වහන්සේ තුළ මළාහු පළමු කොට නැගිටිති.
1 තෙසලෝනික 4:17 (SCV)
එවිට, තවමත් ඉතිරි ව ජීවත් ව සිටින අපි අහසේදී ස්වාමින්වහන්සේ මුණ ගැසෙනු පිණිස ඔවුන් වෙත වලාකුළු තුළට ඔසවා ගනු ලබන්නෙමු. මෙසේ අපි සදහට ම ස්වාමින්වහන්සේ සමඟ සිටින්නෙමු.
1 තෙසලෝනික 4:18 (SCV)
එබැවින් මෙවදන්වලින් එකිනෙකා දිරි ගන්වන්න.
හිතෝපදේශ 18:21 (SCV)
ජීවනයේ හා මරණයේ බලය දිවෙහි පවතී; ඊට ප්‍රිය වන්නෝ එහි පල භුක්ති විඳින්නෝ ය.
යෙසායා 57:1 (SCV)
ධර්මිෂ්ඨ මිනිසා විනාශ වෙයි. එහෙත් කිසිවකුත් ඒ ගැන සිතට නො ගනියි. ධාර්මික මිනිස්සු ඉවත ගෙන යනු ලබති. එහෙත් කිසිවකුට එය නො වැටහේ. මන්ද ධර්මිෂ්ඨ මිනිසා ඉවත ගෙන යනු ලබන්නේ, විපත්තිය වෙතින් ය.
1 කොරින්ති 15:51 (SCV)
මේ අහන්න! මම ඔබට අබිරහසක් පවසමි; අප සියල්ලන් සැතපෙන්නේ නැත. එහෙත් අපි හැම වෙනස් කරනු ලබන්නෙමු.
1 කොරින්ති 15:52 (SCV)
සැණෙක, ඇසි පිය ගසද්දී, අන්තිම හොරණෑ හඬ සමඟ ම එය වෙයි. මන්ද හොරණෑව හැඬවෙන කල, මළාහු අමරණ ස්වභාවයෙන් නැගිටුවනු ලබන්නෝ ය; අපිදු වෙනස් කරනු ලබන්නෙමු.
1 කොරින්ති 15:54 (SCV)
මෙසේ දිරා යන දේ නො දිරන බවින් ද මරණයට පත් වන දේ අමරණ බවින් ද පැලඳූ කල, ලියා ඇති කියමන ඉටු වෙයි; එනම්: “විජයග්‍රහණයේදී මරණය ගිල දමන ලදී.”
1 කොරින්ති 15:56 (SCV)
මරණයේ විෂ දළය පාපයයි. පාපයේ බලය ව්‍යවස්ථාවයි.
1 කොරින්ති 15:57 (SCV)
එහෙත් දෙවියන්වහන්සේට ස්තුති වේවා! උන්වහන්සේ, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ මගින් අපට ජය දෙන සේක.
යාකොබ් 1:15 (SCV)
ඉන්පසු තෘෂ්ණාව පිළිසිඳ පාපය බිහි කරයි; පාපය මෝරා වැඩී මරණය උපද්දයි.
ගීතාවලිය 116:15 (SCV)
ස්වකීය ශුද්ධවතුන්ගේ මරණය, ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි අනර්ඝ දෙයකි.
යෙසායා 25:8 (SCV)
උන්වහන්සේ, මරණය සදහට ම ගිල දමන සේක. පරමාධිපති ස්වාමින්වහන්සේ සියලු මුහුණුවලින් කඳුළු ඉවත ගසා දමන සේක. උන්වහන්සේ තම ජනතාවගේ නින්දාව, මුළු පොළෝ තලයෙන් පහ කර දමන සේක. මන්ද ස්වාමින්වහන්සේ කතා කර ඇත.
යෙසායා 57:2 (SCV)
ඔහු සාමය වෙතට ඇතුල් වෙයි. අවංකකමින් හැසිරෙන අය, තම යහන්වල විවේකය ලබති.
රෝම 8:35 (SCV)
ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමයෙන්, අප වෙන් කළ හැකි වනුයේ කවරකුට ද? පීඩාවට, විපත්තියට හෝ වධ-බන්ධනවලටවත්, සාගතයට, නග්න භාවයට, උපද්‍රවයට හෝ කඩුවටවත් එය හැකි වේ ද?
රෝම 8:37 (SCV)
නැත, මේ සියල්ලේදී, අපට ප්‍රේම කළ තැනැත්තාණන් මගින් අපි ජයග්‍රාහකයින්ටත් වඩා වැඩිමනත් වම්හ.
රෝම 8:39 (SCV)
උසට හෝ ගැඹුරට හෝ මුළු මහත් මැවිල්ලේ අන් කිසිවකටවත්, ක්‍රිස්තුස් යේසුස් අප ස්වාමින්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන් කළ නො හැකි වග මට සහතික ය.
2 කොරින්ති 4:18 (SCV)
එබැවින් පෙනෙන්නට ඇති දේ දෙස නො ව, පෙනෙන්නට නැති දේ දෙස අපි දෑස් දල්වා සිටින්නෙමු. මන්ද පෙනෙන්නට ඇති දේ තාවකාලික ය; පෙනෙන්නට නැති දේ සදාතනික ය.