ප්‍රේම ගී 2:4-6 - Compare All Versions
ප්‍රේම ගී 2:4-6 SROV (Sinhala Revised Old Version)
ඔහු මිදිපැන් ගෙයට මා ගෙනායේය, මට උඩින් ඔහුගේ කොඩිය ප්‍රේමයය. වියළි මිදිපලවලින් මා ශක්තිමත්කර, ජම්බුවලින් මා ප්‍රාණවත්කරන්න. මක්නිසාද මම ප්‍රේමාතුරව සිටිමි. ඔහුගේ වමත මාගේ හිස යටය, දකුණතද මා වැළඳගනියි.
ප්‍රේම ගී 2:4-6 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මධු-පැන් නිවස වෙත ඔහු මා ගෙන ආවේ ය, මට ඉහළින් ඔහුගේ ධජය ප්‍රේමය ය. වියළි මිදිවලින් මා ප්‍රාණවත් කර, ඇපල්වලින් මා ප්‍රබෝධ කරන්න; මන්ද මම ප්‍රේමයෙන් මුසපත් ව සිටිමි. මගේ හිසට යටින් ඔහුගේ වමත් බාහුව ය. ඔහුගේ දකුණත මා වැලඳ ගනී.
ප්‍රේම ගී 2:4-6 NRSV (Sinhala New Revised Version)
ඔහු බොදුන් හලට මා ගෙනායේ ය. මට උඩින් එසෙවු කොඩිය ප්‍රේමය ය. වියළි මිදි පලවලින් මා ශක්තිමත් කරන්න; ජම්බුවලින් මා පණ ගන්වන්න. මන්ද, මම අනුරාගයෙන් ගිලන් වී සිටිමි. ඔහුගේ වමත මාගේ හිස යට ඇත; දකුණතින් ඔහු මා වැළඳගෙන ඇත.
ප්‍රේම ගී 2:4-6 SNRV (Sinhala New Revised Version 2018)
ඔහු බොදුන් හලට මා ගෙනායේ ය. මට උඩින් එසෙවු කොඩිය ප්‍රේමය ය. වියළි මිදි පලවලින් මා ශක්තිමත් කරන්න; ජම්බුවලින් මා පණ ගන්වන්න. මන්ද, මම අනුරාගයෙන් ගිලන් වී සිටිමි. ඔහුගේ වමත මාගේ හිස යට ඇත; දකුණතින් ඔහු මා වැළඳගෙන ඇත.
ප්‍රේම ගී 2:4-6 NIV (New International Version)
Let him lead me to the banquet hall, and let his banner over me be love. Strengthen me with raisins, refresh me with apples, for I am faint with love. His left arm is under my head, and his right arm embraces me.