රූත්ගේ කථාව 3:6-9
රූත්ගේ කථාව 3:6-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එබැවින්, කමතට බැස ගිය ඈ, තම නැන්දම්මා උපදෙස් දී තිබූ පරිදි සියල්ල කළා ය. බෝවස් කෑමෙන් බීමෙන් පසුව සිත සොම්නස් ව සිටියේ, නිදන පිණිස ධාන්‍ය ගොඩේ එහා කෙළවරට ගියේ ය. නිසොල්මනේ එහි ළඟා වූ ඈ, ඔහුගේ පා නිරාවරණ කොට, දිගා වූවා ය. රැය මැදියමේ තිගැස්සුණු ඔහු, හැරී බැලුවේ ය. එවිට මෙන්න! ස්ත්‍රියක් ඔහුගේ පාමුල! “ඔබ කවුරු දැ?” යි ඔහු ඇසී ය. ඈ උත්තර දෙමින්, “මම රූත්, ඔබේ සේවිකාව. ඔබේ සළු කෙළවර මා පිට අතුරන්න. මන්ද ඔබ, මිදීම සිදු කළ හැකි නෑයෙකි” යි කීවා ය.
රූත්ගේ කථාව 3:6-9 Sinhala Revised Old Version (SROV)
ඈ පාවරට ගොස් ඇගේ නැන්දා ඈට අණකළ සියල්ල ලෙස කළාය. බෝවස් කා බී ඔහුගේ සිත ප්රීතිවූ කල, ඔහු ධාන්‍ය ගොඩේ කෙළවරෙහි නිදාගන්ට ගියේය. ඈද හෙමින් අවුත් ඔහුගේ පාදවලින් වැස්ම ඇර නිදාගත්තාය. මධ්‍යම රාත්‍රියේ ඒ මනුෂ්‍යයා භයපත්ව හැරී බලා, ස්ත්‍රියක් තමාගේ පාද ළඟ නිදාඉන්නවා දැක: නුඹ කවුදැයි ඇසීය. ඈද: මම ඔබගේ මෙහෙකාරීවූ රූත්ය; එබැවින් ඔබගේ වස්ත්‍රය ඔබගේ මෙහෙකාරී පිට අතුරනු මැනවි; මක්නිසාද ඔබ ළඟ නෑයෙකැයි කීවාය.
රූත්ගේ කථාව 3:6-9 Sinhala New Revised Version (NRSV)
මෙසේ රූත් කමතට ගොස් සිය නැන්දම්මා තමාට කී ලෙස සියල්ල කළා ය. බෝවස් කා බී ඉවර වී සතුටු සොම්නසින් සිටියේ ය. ඔහු ගොස් බාර්ලි ගොඩගසා තිබුණ තැන අසලින් නිදාගැනීමට වැතිරුණේ ය. රූත් හෙමිහිට ගොස් ඔහුගේ පා වසා තිබුණ පොරෝනාව ඉවත් කොට නිදාගත්තා ය. ඔහු මධ්‍යම රාත්‍රියේ හදිසියේ අවදි වී හැරී බැලූවිට තම පාද ළඟ ස්ත්‍රියක නිදාගෙන සිටිනු දැක, “ඔබ කවුදැ”යි ඇසී ය. රූත් පිළිතුරු දෙමින්, “මම ඔබේ සේවිකාව වන රූත් ය. ඔබ අපේ ඇවැස්ස නෑයෙකු නිසා ඔබ මා බිරිඳ කොට පාවාගත මැනවැ”යි කීවා ය.
රූත්ගේ කථාව 3:6-9 Sinhala New Revised Version 2018 (SNRV)
මෙසේ රූත් කමතට ගොස් සිය නැන්දම්මා තමාට කී ලෙස සියල්ල කළා ය. බෝවස් කා බී ඉවර වී සතුටු සොම්නසින් සිටියේ ය. ඔහු ගොස් බාර්ලි ගොඩගසා තිබුණ තැන අසලින් නිදාගැනීමට වැතිරුණේ ය. රූත් හෙමිහිට ගොස් ඔහුගේ පා වසා තිබුණ පොරෝනාව ඉවත් කොට නිදාගත්තා ය. ඔහු මධ්‍යම රාත්‍රියේ හදිසියේ අවදි වී හැරී බැලූවිට තම පාද ළඟ ස්ත්‍රියක නිදාගෙන සිටිනු දැක, “ඔබ කවුදැ”යි ඇසී ය. රූත් පිළිතුරු දෙමින්, “මම ඔබේ සේවිකාව වන රූත් ය. ඔබ අපේ ඇවැස්ස නෑයෙකු නිසා ඔබ මා බිරිඳ කොට පාවාගත මැනවැ”යි කීවා ය.
රූත්ගේ කථාව 3:6-9 New International Version (NIV)
So she went down to the threshing floor and did everything her mother-in-law told her to do. When Boaz had finished eating and drinking and was in good spirits, he went over to lie down at the far end of the grain pile. Ruth approached quietly, uncovered his feet and lay down. In the middle of the night something startled the man; he turned—and there was a woman lying at his feet! “Who are you?” he asked. “I am your servant Ruth,” she said. “Spread the corner of your garment over me, since you are a guardian-redeemer of our family.”