රූත් 3:6-9

රූත් 3:6-9 SCV

එබැවින්, කමතට බැස ගිය ඈ, තම නැන්දම්මා උපදෙස් දී තිබූ පරිදි සියල්ල කළා ය. බෝවස් කෑමෙන් බීමෙන් පසුව සිත සොම්නස් ව සිටියේ, නිදන පිණිස ධාන්‍ය ගොඩේ එහා කෙළවරට ගියේ ය. නිසොල්මනේ එහි ළඟා වූ ඈ, ඔහුගේ පා නිරාවරණ කොට, දිගා වූවා ය. රැය මැදියමේ තිගැස්සුණු ඔහු, හැරී බැලුවේ ය. එවිට මෙන්න! ස්ත්‍රියක් ඔහුගේ පාමුල! “ඔබ කවුරු දැ?” යි ඔහු ඇසී ය. ඈ උත්තර දෙමින්, “මම රූත්, ඔබේ සේවිකාව. ඔබේ සළු කෙළවර මා පිට අතුරන්න. මන්ද ඔබ, මිදීම සිදු කළ හැකි නෑයෙකි” යි කීවා ය.

රූත් 3 කියවන්න