රූත් 3:6-9
රූත් 3:6-9 NRSV
මෙසේ රූත් කමතට ගොස් සිය නැන්දම්මා තමාට කී ලෙස සියල්ල කළා ය. බෝවස් කා බී ඉවර වී සතුටු සොම්නසින් සිටියේ ය. ඔහු ගොස් බාර්ලි ගොඩගසා තිබුණ තැන අසලින් නිදාගැනීමට වැතිරුණේ ය. රූත් හෙමිහිට ගොස් ඔහුගේ පා වසා තිබුණ පොරෝනාව ඉවත් කොට නිදාගත්තා ය. ඔහු මධ්‍යම රාත්‍රියේ හදිසියේ අවදි වී හැරී බැලූවිට තම පාද ළඟ ස්ත්‍රියක නිදාගෙන සිටිනු දැක, “ඔබ කවුදැ”යි ඇසී ය. රූත් පිළිතුරු දෙමින්, “මම ඔබේ සේවිකාව වන රූත් ය. ඔබ අපේ ඇවැස්ස නෑයෙකු නිසා ඔබ මා බිරිඳ කොට පාවාගත මැනවැ”යි කීවා ය.

