රෝම 9:22-26
රෝම 9:22-26 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දෙවියන්වහන්සේ තම උදහස පෙන්වීමටත්, ස්වකීය බලය විදහා පෑමටත් කැමති ව, විනාශයට සූදානම් කරන ලද උදහසේ භාජන ගැන මහත් සේ ඉවසූ සේක් නම් මොකද? එසේ කර ඇත්තේ, තේජෝ මහිමය සඳහා කල්තියා සූදානම් කරන ලද දයාවේ භාජන වෙත උන්වහන්සේගේ තේජෝ මහිමයේ ඉසුර විදහා දක්වන පිණිස ය. එසේ කැඳවනු ලැබ ඇත්තේ, යුදෙව්වරුන් වෙතින් පමණක් නො ව, අන්‍ය-ජාතීන් වන අප ද වෙතින් ය. හොෂෙයාගේ පොතේ උන්වහන්සේ පවසන්නේ මෙසේ ය: “මගේ ජනයා නො වූවන්ට, ‘මගේ ජනයා’ ය කියා මම අමතමි; ප්‍රේමණීය නො වූ තැනැත්තියට ‘ප්‍රේමණීය ය’ කියා අමතමි.” තවද, “ ‘ඔබ මගේ ජනයා නො වේය’ කියා ඔවුන්ට කියන ලද තැන්හි දී ම, ඔවුහු, ‘ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයෝ’ යයි කියනු ලබන්නෝ ය”
රෝම 9:22-26 Sinhala Revised Old Version (SROV)
දෙවියන්වහන්සේ තමන්ගේ උදහස පෙන්වන්ටත් තමන්ගේ බලය ප්‍රකාශකරන්ටත් කැමතිව, විනාශයට සූදානම්කරනලද උදහසේ භාජන ගැන බොහෝ ක්ෂාන්තියෙන් ඉවසා, මහිමය පිණිස පූර්වයෙන් තමන්වහන්සේ විසින් සූදානම් කරනලද දයාවේ භාජනවූ, යුදෙව්වරුන්ගෙන් පමණක් නොව අන්‍යජාතීන්ගෙන්ද කැඳවනලද අප කෙරෙහි, තමන් වහන්සේගේ මහිමයේ සම්පත ප්‍රකාශකරන්ට කැමතිවූසේක් නම් කිමෙක්ද? එසේම උන්වහන්සේ හොෂෙයාගේ පොතෙහි: මාගේ සෙනඟව නොසිටියවුන්ට මාගේ සෙනඟය කියාත් ප්‍රිය නොවූ තැනැත්තියට ප්‍රිය තැනැත්තිය කියාත් කියන්නෙමියි කියාද නුඹලා මාගේ සෙනඟ නොවන්නහුයයි ඔවුන්ට කියා තිබෙන තැන නුඹලා ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයෝය කියනු ලබන්නහුයයි කියාද කීසේක.
රෝම 9:22-26 Sinhala New Revised Version (NRSV)
දෙවියන් වහන්සේ ක්‍රියා කර ඇත්තේත් එසේ ම ය. උන් වහන්සේ සිය උදහස පෙන්වන්නට ද සිය බලය ප්‍රකාශ කරන්නට ද කැමැති වූ සේක. නමුත්, විනාශයට නියම වූ උදහසට ලක්විය යුතු වූ අය කෙරෙහි මහත් ඉවසීමක් දැක්වූ සේක. තවද, උන් වහන්සේගේ මහිමය ලැබීම පිණිස කලින් තමන් වහන්සේ සූදානම් කළ දයාව ලැබිය යුතු අය වූ, ජුදෙව්වරුන්ගෙන් පමණක් නොව විජාතීන්ගෙන් ද කැඳවන ලද අප කෙරෙහි, තමන් වහන්සේගේ මහිමයේ සම්පත ප්‍රකාශ කරන්නට උන් වහන්සේ කැමැති වූ සේක. උන් වහන්සේ ඒ බව හොසියාගේ පොතේ මෙසේ කියා ඇත: “මාගේ සෙනඟ ව නොසිටි අයට ‘මාගේ සෙනඟ ය’ කියාත් මා ප්‍රිය නොකළ ජාතියකට ‘මාගේ ප්‍රියාවි ය’ කියාත්, ඔබ මාගේ සෙනඟ නොවෙති යි ඔවුන්ට කියා ඇති තැන, ‘ඔබ ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ය’ කියාත් කියනු ලබන්නහු ය.”
රෝම 9:22-26 Sinhala New Revised Version 2018 (SNRV)

රෝම 9:22-26 New International Version (NIV)
What if God, although choosing to show his wrath and make his power known, bore with great patience the objects of his wrath—prepared for destruction? What if he did this to make the riches of his glory known to the objects of his mercy, whom he prepared in advance for glory— even us, whom he also called, not only from the Jews but also from the Gentiles? As he says in Hosea: “I will call them ‘my people’ who are not my people; and I will call her ‘my loved one’ who is not my loved one,” and, “In the very place where it was said to them, ‘You are not my people,’ there they will be called ‘children of the living God.’ ”