රෝම 9:22-26

රෝම 9:22-26 NRSV

දෙවියන් වහන්සේ ක්‍රියා කර ඇත්තේත් එසේ ම ය. උන් වහන්සේ සිය උදහස පෙන්වන්නට ද සිය බලය ප්‍රකාශ කරන්නට ද කැමැති වූ සේක. නමුත්, විනාශයට නියම වූ උදහසට ලක්විය යුතු වූ අය කෙරෙහි මහත් ඉවසීමක් දැක්වූ සේක. තවද, උන් වහන්සේගේ මහිමය ලැබීම පිණිස කලින් තමන් වහන්සේ සූදානම් කළ දයාව ලැබිය යුතු අය වූ, ජුදෙව්වරුන්ගෙන් පමණක් නොව විජාතීන්ගෙන් ද කැඳවන ලද අප කෙරෙහි, තමන් වහන්සේගේ මහිමයේ සම්පත ප්‍රකාශ කරන්නට උන් වහන්සේ කැමැති වූ සේක. උන් වහන්සේ ඒ බව හොසියාගේ පොතේ මෙසේ කියා ඇත: “මාගේ සෙනඟ ව නොසිටි අයට ‘මාගේ සෙනඟ ය’ කියාත් මා ප්‍රිය නොකළ ජාතියකට ‘මාගේ ප්‍රියාවි ය’ කියාත්, ඔබ මාගේ සෙනඟ නොවෙ‍ති යි ඔවුන්ට කියා ඇති තැන, ‘ඔබ ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ය’ කියාත් කියනු ලබන්නහු ය.”

රෝම 9 කියවන්න