රෝම 9:22-26

රෝම 9:22-26 SCV

දෙවියන්වහන්සේ තම උදහස පෙන්වීමටත්, ස්වකීය බලය විදහා පෑමටත් කැමති ව, විනාශයට සූදානම් කරන ලද උදහසේ භාජන ගැන මහත් සේ ඉවසූ සේක් නම් මොකද? එසේ කර ඇත්තේ, තේජෝ මහිමය සඳහා කල්තියා සූදානම් කරන ලද දයාවේ භාජන වෙත උන්වහන්සේගේ තේජෝ මහිමයේ ඉසුර විදහා දක්වන පිණිස ය. එසේ කැඳවනු ලැබ ඇත්තේ, යුදෙව්වරුන් වෙතින් පමණක් නො ව, අන්‍ය-ජාතීන් වන අප ද වෙතින් ය. හොෂෙයාගේ පොතේ උන්වහන්සේ පවසන්නේ මෙසේ ය: “මගේ ජනයා නො වූවන්ට, ‘මගේ ජනයා’ ය කියා මම අමතමි; ප්‍රේමණීය නො වූ තැනැත්තියට ‘ප්‍රේමණීය ය’ කියා අමතමි.” තවද, “ ‘ඔබ මගේ ජනයා නො වේය’ කියා ඔවුන්ට කියන ලද තැන්හි දී ම, ඔවුහු, ‘ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයෝ’ යයි කියනු ලබන්නෝ ය”

රෝම 9 කියවන්න