රෝම 3:9-23

රෝම 3:9-23 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එසේ නම් කුමක් ද? යුදෙව් අපට වාසියක් වේ ද? නැත; කොහෙත් ම නැත. සියලු යුදෙව්වන් සේ ම, ග්‍රීකයින් ද යන දෙගොල්ල ම පාපය යටතේ බැව් දැනටමත් අප ඔබට දෝෂාරෝපණ කොට තිබේ. ඒ ගැන ලියා තිබෙන ලෙස, “ධර්මිෂ්ඨ කෙනෙක් නැත; එක් කෙනකුවත් නැත. වටහා ගන්නා කෙනෙක් නැත. දෙවියන්වහන්සේ සොයන කෙනෙක් නැත. සැවොම ඉවත හැරී, ඔවුන් එක් ව නිෂ්ඵල බවට පත් ව ඇත; යහපතක් කරන කෙනෙක් නැත; එක් කෙනකුවත් නැත.” “ඔවුන්ගේ උගුරු, කට ඇරගත් මිනීවළකි. රැවටීමට ඔවුහු තම දිව් යොදා ගනිති.” “ඔවුන්ගේ තොල් යට පොළොං විස ය.” “ඔවුන්ගේ මුව, ශාපවලින් හා තික්තකමින් පිරිලා ය.” “ඔවුන්ගේ පාද, ලේ හැලුමට යුහු යුහු ව යයි; ඔවුන්ගේ මාවත්වල ඇත්තේ විනාශය හා විපත්තියයි; සාමයේ මාර්ගය ඔවුන් දන්නේ නැත.” “ඔවුන්ගේ ඇස් හමුවේ දෙවියන්වහන්සේට භයක් නැත.” දැන් අප දන්නා පරිදි, හැම කටක් ම වහන පිණිස හා මුළු ලෝකය ම දෙවියන්වහන්සේට ගණන් දිය යුතු වන පිණිස, ව්‍යවස්ථාවේ යම් දෙයක් කියයි ද ඒ දෑ කියන්නේ, ඒ ව්‍යවස්ථාව යටතේ සිටින්නන්ට ය. මන්ද ව්‍යවස්ථාවේ ක්‍රියා මගින් කිසි මිනිසකු උන්වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨ කරනු ලබන්නේ නැත. ව්‍යවස්ථාව මගින් කෙරෙන්නේ පාප අවබෝධය ගෙන ඒම ය. එහෙත් දැන් ව්‍යවස්ථාවෙන් තොර ව දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම එළිදරවු කර තිබේ. ව්‍යවස්ථාව හා දිවැසිවරුන් ඊට සාක්ෂි දරන පරිදි, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහීම මගින් අදහා ගන්නා සියල්ලන්ට ය. කිසි විශේෂත්වයක් නැත. මන්ද සියල්ලෝ ම පව් කොට, දෙවියන්වහන්සේගේ මහිමයෙන් පිරිහී සිටිති

බෙදාගන්න
රෝම 3 කියවන්න

රෝම 3:9-23 Sinhala Revised Old Version (SROV)

එසේවී නම් කිමෙක්ද? අපි ඔවුන්ට වඩා අඩු තත්ත්වයකද? කිසිසේත් නැත. මක්නිසාද යුදෙව්වරුද ග්‍රීක්වරුද යන සියල්ලෝ පාපයට යටත්ව සිටිතියි කියා අපි පළමු දොස්තැබුවෙමුව. ඒ ගැන මෙසේ ලියා තිබේ: ධර්මිෂ්ඨ කෙනෙක් නැත, එසේය, එක්කෙනෙක්වත් නැත; තේරුම්ගන්නාවූ කිසිවෙක් නැත, දෙවියන්වහන්සේ සොයන්නාවූ කෙනෙක් නැත; ඔවුන් සියල්ලෝ අහක්ව ගියෝය, එක්ව නිෂ්ප්‍රයෝජනවූවෝය; යහපත කරන්නෙක් නැත, එසේය, එක්කෙනෙක් පමණවත් නැත. ඔවුන්ගේ උගුර විවරවූ මිනීවළක්ය; ඔව්හු තමුන්ගේ දිව්වලින් වංචාකම් කළෝය. ඔවුන්ගේ තොල් යට පොළොං විෂ තිබේ. ඔවුන්ගේ මුඛය ශාපයෙන්ද තික්තකමෙන්ද පූර්ණය. ඔවුන්ගේ පාද ලේ වැගිරීමට කඩිසරය; ඔවුන්ගේ මාර්ගවල විනාශයත් කාලකණ්ණිකමත් තිබේ; ඔව්හු සමාදානයේ මාර්ගයද දැන නොගත්තෝය. ඔවුන්ගේ ඇස් හමුවෙහි දෙවියන්වහන්සේ කෙරෙහි භයක් නැත යනුයි. ඉඳින් ව්‍යවස්ථාවෙහි කියනලද සියල්ලම ව්‍යවස්ථාව යටතෙහි සිටින්නන්ට කියනලද බව අපි දනිමුව. එසේ වන්නේ සියල්ලන්ගේ කටවල් පියවනු ලබන පිණිසත්, මුළු ලෝකයා දෙවියන්වහන්සේගේ විනිශ්චයට යටත්කරනු ලබන පිණිසත්ය. කුමක්හෙයින්ද ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් කිසිම මනුෂ්‍යයෙක් දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨකරනු නොලබන්නේය. මක්නිසාද ව්‍යවස්ථාව කරණකොටගෙන පාපය දැනගැනීම වේ. නුමුත් දැන් වනාහි ව්‍යවස්ථාව නැතුව, ව්‍යවස්ථාව සහ අනාගතවක්තෘවරුන්ගෙන් සාක්ෂි ලබමින්, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකමක් ප්‍රකාශකරනලද්දේය. එනම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන, අදහන්නාවූ සියල්ලන්ට ලැබෙන ධර්මිෂ්ඨකමය; ප්‍රභේදයකුත් නැත; මක්නිසාද සියල්ලෝම පව්කොට දෙවියන්වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති.

බෙදාගන්න
රෝම 3 කියවන්න

රෝම 3:9-23 Sinhala New Revised Version (NRSV)

හොඳයි, එසේ නම්, ජුදෙව්වරුන් වන අප විජාතීන්ට වඩා උසස් ද? කොහෙත් ම නැත. ජුදෙව්වරුන් ද විජාතීන් ද යන දෙපක්ෂය ම පාපයේ බලයට යටත් වී ඇතැ යි අපි කලින් පෙන්වා දුනිමු. ඒ ගැන ශුද්ධ ලියවිල්ල මෙසේ කියයි: “ධර්මිෂ්ඨ වූ කිසිවෙක් නැත, එක් කෙනෙක් වත් නැත; හරි දැනුම ඇති එක් කෙනෙක් වත් නැත; දෙවියන් වහන්සේ සොයන එක් කෙනෙක් වත් නැත. හැම දෙන ම මුළා ව ගොස් සිටිති, හැම දෙන ම එක සේ නොමඟ ගොස් සිටිති. යහපත කරන කිසිවෙක් නැත, එක් කෙනෙක් වත් නැත. ඔවුන්ගේ උගුර විවර වූ මිනී වළක් වැනි ය. ඔව්හු සිය දිව්වලින් මුසාවාද පවසති. ඔවුන්ගේ තොල් යට පොළොං විස ඇත. ඔවුන්ගේ මුඛය කටුක සාපයෙන් පිරී ඇත. ඔවුන්ගේ පාද ලේ වැගිරීමට යුහුව දුවයි. ඔවුන් යන යන තැන විනාශයත් කාලකණ්ණිකමත් ඇත. සාම මාවත ගැන ඔවුන්ට දැනුමක් නැත, ඔවුන්ගේ ඇස් ඉදිරියේ දේව බිය නොමැත.” ඉදින් ව්‍යවස්ථාවෙහි කියන ලද සියල්ල ම ව්‍යවස්ථාව යටතෙහි සිටින්නන්ට කියන ලද බව අපි දනිමුව. එසේ වන්නේ සියල්ලන්ගේ කටවල් පියවනු ලබන පිණිසත්, මුළු ලෝකයා දෙවියන් වහන්සේගේ විනිශ්චයට යටත් කරනු ලබන පිණිසත් ය. ඊට හේතුව මේ ය; ව්‍යවස්ථාව පිළිපැදීමෙන් කිසි ම මනුෂ්‍යයෙක් දමිටු බවට පත් කරනු නොලබයි. ව්‍යවස්ථාවෙන් සිදුවන්නේ පාපය පිළිබඳ හැඟීම ඇති කිරීම ය. එහෙත්, දැන් මිනිසුන් දමිටු බවට පමුණුවාලීම පිළිබඳ දෙවියන් වහන්සේගේ ක්‍රියා මාර්ගය එළිදරව් වී තිබේ. ව්‍යවස්ථාව හා දිවැසාවලිය ඊට සාක්ෂි දුන් නමුත් එය කිසි සේත් ව්‍යවස්ථාව පිට රඳා නැත. ඒ වනාහි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන අදහන සියල්ලන් දෙවියන් වහන්සේ විසින් දමිටු බවට පමුණුවනු ලැබීමේ මාර්ගය වේ. එය කිසි වෙනසක් නැති ව, අදහන්නා වූ හැම දෙනාට ම ලබාගත හැකි ය. සියල්ලෝ ම පව් කොට දෙවියන් වහන්සේගේ ගැළවීමේ මාර්ගයෙන් ඉවත් වී සිටිති.

බෙදාගන්න
රෝම 3 කියවන්න

රෝම 3:9-23 Sinhala New Revised Version 2018 (SNRV)