ගීතාවලිය 93:1-5
ගීතාවලිය 93:1-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ රජකම් කරන සේක; උන්වහන්සේ, මහානුභාවය පැලඳ සිටින සේක; ස්වාමින්වහන්සේ ශක්තියෙන් සන්නද්ධ ව සිටින සේක, ලෝකය, ස්ථාවර ව ස්ථාපිත ය; ඇත්තෙන් ම, එය සොලවනු නො හැක. ඔබගේ සිංහාසනය, අනාදියේ පටන් ම ස්ථාපිත ය; සදාතනයේ පටන් ම ඔබ පැවත සිටින සේක. අහෝ ස්වාමින්වහන්ස, මහ සමුදුරු ඉහළට නැගුණෝ ය, ඒ මහ සමුදුරු තම රළ ගොස ඉහළ නැගුවෝ ය; මහ සමුදුරු තම රළ රැළි පෙළ ඉහළට නැගුවෝ ය. ඉහළ ස්වර්ගයේ ස්වාමින්වහන්සේ, පරාක්‍රමවත් ය, මහා ජල ධාරාවන්ගේ ගිගුරුමට වඩා බලවත් ය; මහා ජල ප්රවාහයනට වඩා බලසම්පන්න ය. අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ පනත් ස්ථාවර ය; අනන්තය දක්වා ම ඔබගේ ගෘහය ශුද්ධත්වයෙන් අලංකෘත ය.
ගීතාවලිය 93:1-5 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ රජකම් කරනසේක; උන්වහන්සේ මහිමශ්‍රීය පැළඳ සිටිනසේක; ස්වාමීන්වහන්සේ පැළඳ සිටිනසේක, උන්වහන්සේ ශක්තිය නමැති ඉඟපටිය බැඳගන සිටිනසේක. ලෝකයද නොසෙල්වෙන ලෙස පිහිටා තිබේ. ඔබගේ සිංහාසනය ආදියේ පටන් පිහිටා තිබේ. ඔබ සදාකාලයේ පටන් සිටිනසේක. ස්වාමිනි, ජල ධාරාවෝ නැගුණෝය, ජල ධාරාවෝ ශබ්දනැගුවෝය; ජල ධාරාවෝ රැළ නඟිති. මහත් ජල ඝෝෂාවන්ටත් මුහුදේ බලවත් රැළවලටත් වඩා උසස්ථානයෙහි ස්වාමීන්වහන්සේ බලවත්ය. ඔබගේ ශික්ෂා ඉතා ස්ථිරය. ස්වාමිනි, සදාකල්ම ශුද්ධකම ඔබගේ ගෘහයට හොබනේය.
ගීතාවලිය 93:1-5 Sinhala New Revised Version (NRSV)
සමිඳාණෝ රජකම් කරන සේක; ජයශ්‍රීය නමැති ඉඟ පටිය බැඳ මහිමාලංකාරයෙන් සැරසී සිටින සේක. සදහට ම නොසැලෙන සක්වළ පිහිටෙවු සේක. ඔබේ සිහසුන ආදියේ පටන් තිරසර ව පිහිටා ඇත්තේ ය. ඔබ අනාදියේ පටන් වැඩ සිටින සේක. සමිඳුනි, සමුදුර රළපතර, එසේ ය, සමුදුර රළපතර, මහ හඬින් ගර්ජනා කරන්නේ ය; ඒවා මහ හඬින් ගිගුම් දෙන්නේ ය. සමිඳාණෝ අහස් තලයෙහි ශ්‍රේෂ්ඨ ලෙස රජකම් කරන සේක; එතුමාණෝ ගිගුරුම් හඬ නඟන මුහුදු ජලයට වඩා බලසම්පන්න ය, රළපතරට වඩා බලවත් ය. සමිඳුනි, ඔබේ අණපණත් සදාතනික ය. ඔබේ දේව මාලිගාව සැබැවින් ම සදහට ම සුවිශුද්ධ ය.
ගීතාවලිය 93:1-5 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණෝ රජකම් කරන සේක; ජයශ්‍රීය නමැති ඉඟ පටිය බැඳ මහිමාලංකාරයෙන් සැරසී සිටින සේක. සදහට ම නොසැලෙන සකල ලොව පිහිටෙවු සේක. ඔබේ සිහසුන ආදියේ පටන් තිරසර ව පිහිටා ඇත්තේ ය. ඔබ අනාදියේ පටන් වැඩ සිටින සේක. සමිඳුනි, සමුදුර රළපතර, එසේ ය, සමුදුර රළපතර, මහ හඬින් ගර්ජනා කරන්නේ ය; ඒවා මහ හඬින් ගිගුම් දෙන්නේ ය. සමිඳාණෝ අහස් තලයෙහි ශ්‍රේෂ්ඨ ලෙස රජකම් කරන සේක; එතුමාණෝ ගිගුරුම් හඬ නඟන මුහුදු ජලයට වඩා බලසම්පන්න ය, රළපතරට වඩා බලවත් ය. සමිඳුනි, ඔබේ අණපනත් සදාතනික ය. ඔබේ දේව මාලිගාව සැබැවින් ම සදහට ම සුවිශුද්ධ ය.
ගීතාවලිය 93:1-5 New International Version (NIV)
The LORD reigns, he is robed in majesty; the LORD is robed in majesty and armed with strength; indeed, the world is established, firm and secure. Your throne was established long ago; you are from all eternity. The seas have lifted up, LORD, the seas have lifted up their voice; the seas have lifted up their pounding waves. Mightier than the thunder of the great waters, mightier than the breakers of the sea— the LORD on high is mighty. Your statutes, LORD, stand firm; holiness adorns your house for endless days.