ගීතාවලිය 93
93
සමිඳාණන් වහන්සේගේ රාජශ්‍රීය
1සමිඳාණෝ රජකම් කරන සේක;
ජයශ්‍රීය නමැති ඉඟ පටිය බැඳ මහිමාලංකාරයෙන් සැරසී සිටින සේක.
සදහට ම නොසැලෙන සකල ලොව පිහිටෙවු සේක.
2ඔබේ සිහසුන ආදියේ පටන් තිරසර ව පිහිටා ඇත්තේ ය.
ඔබ අනාදියේ පටන් වැඩ සිටින සේක.
3සමිඳුනි, සමුදුර රළපතර, එසේ ය, සමුදුර රළපතර, මහ හඬින් ගර්ජනා කරන්නේ ය;
ඒවා මහ හඬින් ගිගුම් දෙන්නේ ය.
4සමිඳාණෝ අහස් තලයෙහි ශ්‍රේෂ්ඨ ලෙස රජකම් කරන සේක;
එතුමාණෝ ගිගුරුම් හඬ නඟන මුහුදු ජලයට වඩා බලසම්පන්න ය, රළපතරට වඩා බලවත් ය.
5සමිඳුනි, ඔබේ අණපනත් සදාතනික ය.
ඔබේ දේව මාලිගාව සැබැවින් ම සදහට ම සුවිශුද්ධ ය.
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 93: SNRV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න