ගීතාවලිය 56:5-11 - Compare All Versions

ගීතාවලිය 56:5-11 SCV (සිංහල කාලීන පරිවර්තනය)

දවස මුළුල්ලේ ඔවුහු මගේ වචන කණපිට පෙරළති; හැම විටෙක ම ඔවුහු මට අනර්ථයක් කරන්නට කුමන්ත්‍රණ කරති. ඔවුහු රැස් ව මන්ත්‍රණ කරති; රහසේ රැක සිටිති; මා යන එන තැන් ගැන විපරමින් සිටිති; මගේ දිවි තොර කරන්නට උත්සුක වෙති. ඔවුන්ගේ දුෂ්ටකම නිසා ඔවුනට ගැලවී යන්නට ඉඩ නුදුන මැනව; අහෝ දෙවියන්වහන්ස, ඔබගේ කෝපයෙන් ඒ ජාතීන් ඇද දැමුව මැනව. මගේ විලාපය වාර්තා කර ගත මැනව; මගේ කඳුළු ඔබගේ සම් බඳුනෙහි රැස් කොට මැන බැලුව මැනව, ඔබ ඒවා සටහන් කර ගෙන නැති ද? එවිට උපකාර ඉල්ලා මා හඬ ගසන කල, මගේ සතුරන් ආපසු හැරී යනු ඇත; දෙවියන්වහන්සේ මගේ පැත්තට වග එවිට මම දැන ගන්නෙමි. මා වර්ණනා කරන වචනය හිමි දෙවියන්වහන්සේ තුළ, මා වර්ණනා කරන වචනය හිමි ස්වාමින්වහන්සේ තුළ, එම දෙවියන්වහන්සේ තුළ මම විශ්වාසය තබමි; එබැවින් මම බය නො වන්නෙමි; මිනිසා මට කුමක් කරන්න ද?

බෙදාගන්න
ගීතාවලිය 56 SCV

ගීතාවලිය 56:5-11 SROV (Sinhala Revised Old Version)

දවස මුළුල්ලේම ඔව්හු මාගේ වචන වරදවා පෙන්වති. ඔවුන්ගේ කල්පනා සියල්ලම මට උපද්‍රව පිණිසය. ඔව්හු රැස්වෙති, සැඟවී සිටිති. මාගේ ප්‍රාණය නසන්ට ඔවුන් බලා සිටියාක්මෙන්ම, ඔව්හු මාගේ අඩිපාර රැක ඉඳිති. ඔව්හු අයුතුකම් කරණකොටගෙන ගැළවී යන්නෝද? දෙවියන්වහන්ස, උදහසින් මනුෂ්‍ය වර්ගයන් හෙළාදැමුව මැනව. ඔබ මාගේ මුළාවයාම් ගණිනසේක. මාගේ කඳුළු ඔබගේ භාජනයෙහි තැබුව මැනව; ඒවා ඔබගේ පොතෙහි ලියනලද්දේ නොවේද? මා යාච්ඤාකරන දවසේ මාගේ සතුරෝ ආපසු හැරී යන්නෝය. මෙය මම දනිමි, දෙවියන්වහන්සේ මාගේ පක්ෂයෙහිය. මම දෙවියන්වහන්සේ තුළ, උන්වහන්සේගේ වචනය වර්ණනා කරන්නෙමි. ස්වාමීන්වහන්සේ තුළ උන්වහන්සේගේ වචනය වර්ණනාකරන්නෙමි. දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා සිටිමි, භය නොවන්නෙමි; මනුෂ්‍යයා මට කුමක් කරයිද?

බෙදාගන්න
ගීතාවලිය 56 SROV

ගීතාවලිය 56:5-11 NRSV (Sinhala New Revised Version)

ඔව්හු දවස පුරා මට ගරහන්නෝ ය; ඔවුන්ගේ එක ම අදහස මට නපුරක් කිරීම වන්නේ ය. ඔව්හු කුමන්ත්‍රණය කරමින් සැඟවී සිට, මා යන එන විට බලා සිටින්නෝ ය; මා වැනසීමට නිරතුරු බලා සිටින්නෝ ය. ඔවුන්ගේ අපරාධයට විපාක දුන මැනව; අහෝ දෙවිඳුනි! උදහස් වී ඔබ ඒ ජනයා පරාජය කළ මැනව. මාගේ කන්නලව්ව ඔබ ම සටහන් කළ මැනව; ඔබේ බඳුනෙහි මාගේ කඳුළු එකතු කළ මැනව; ඒවා ඔබේ පොතේ සටහන් වී නැද් ද? මා ඔබ අයැදින දවසෙහි මාගේ සතුරෝ පසු බැස යන්නෝ ය. දෙවිඳුන් මට පක්ෂ බව එවිට මම දැනගන්නෙමි. මම දෙවිඳුන්ගේ වචනය පසසන්නෙමි; දෙවිඳුන්ගේ වචනය ගැන උදන් අනන්නෙමි. දෙවිඳුන් කෙරෙහි නොබිය ව මාගේ විශ්වාසය තබන්නෙමි; මිනිසා මට කුමන අනතුරක් කිරීමට සමත් වන්නේ ද?

බෙදාගන්න
ගීතාවලිය 56 NRSV

ගීතාවලිය 56:5-11 SNRV (Sinhala New Revised Version 2018)

ඔව්හු දවස පුරා මට ගරහන්නෝ ය; ඔවුන්ගේ එක ම අදහස මට නපුරක් කිරීම වන්නේ ය. ඔව්හු කුමන්ත්‍රණය කරමින් සැඟවී සිට, මා යන එන විට බලා සිටින්නෝ ය; මා වැනසීමට නිරතුරු බලා සිටින්නෝ ය. ඔවුන්ගේ අපරාධයට විපාක දුන මැනව; අහෝ දෙවිඳුනි! උදහස් වී ඔබ ඒ ජනයා පරාජය කළ මැනව. මාගේ කන්නලව්ව ඔබ ම සටහන් කළ මැනව; ඔබේ බඳුනෙහි මාගේ කඳුළු එකතු කළ මැනව; ඒවා ඔබේ පොතේ සටහන් වී නැද් ද? මා ඔබ අයැදින දවසෙහි මාගේ සතුරෝ පසු බැස යන්නෝ ය. දෙවිඳුන් මට පක්ෂ බව එවිට මම දැනගන්නෙමි. මම දෙවිඳුන්ගේ වචනය පසසන්නෙමි; දෙවිඳුන්ගේ වචනය ගැන උදන් අනන්නෙමි. දෙවිඳුන් කෙරෙහි නොබිය ව මාගේ විශ්වාසය තබන්නෙමි; මිනිසා මට කුමන අනතුරක් කිරීමට සමත් වන්නේ ද?

බෙදාගන්න
ගීතාවලිය 56 SNRV

ගීතාවලිය 56:5-11 NIV (New International Version)

All day long they twist my words; all their schemes are for my ruin. They conspire, they lurk, they watch my steps, hoping to take my life. Because of their wickedness do not let them escape; in your anger, God, bring the nations down. Record my misery; list my tears on your scroll— are they not in your record? Then my enemies will turn back when I call for help. By this I will know that God is for me. In God, whose word I praise, in the LORD, whose word I praise— in God I trust and am not afraid. What can man do to me?

බෙදාගන්න
ගීතාවලිය 56 NIV